Wednesday, October 19, 2011

පන්සලේ Loveඩ්ස්පීකරේ.



මේ පෝස්ට් එක නිසා මම අපේ බෞද්ධ ආගම නිගා කරන්නෙක් කියල ඇතමෙක්ගේ හිතට දැනෙන්නට පුලුවන්. ඒක තමා මේ ගැන කතාකරන හැමදෙනාටම වෙන්නෙ. ඒත් කරන්න දේයක් නෑ. මට මේ ගැන අදහසක් කියන්නම කියල හිත කියනව.

මුලින්ම පන්සල ගනිමුකො. පන්සල කියන්නෙ ඇත්තටම නිදහස්, නිහඩ පරිසරයක් තිබ්ය යුතු තැනක්. දැන් තේරෙනව ඇතිනෙ මම මේ කියන්නෙ යන්නෙ මොකක්ද කියල.

අපේ ගේ කිට්ටුව පන්සල් ගොඩයි. ගෙදරට මීටර කීපයක් එහායින් එකලග පන්සල් දෙකයි. පන්සල් දෙක තාප්පෙකින් වෙන්වෙලා තියෙන්නෙ. හිතා ගන්න පුලුවන්නෙ ලොකු හාමුදුරුවරුන්ගෙ තරම. අපි අපේ භාෂාවට කියන්නෙ ලොකු පන්සලයි පොඩි පන්සලයි කියල.


මට මතක ඇති කාලෙක හවස හතරෙන් පස්සෙ කවමදාවකවත් කනක් ඇහිල ඉදල නෑ. සෑම දිනකම සවස 4න් පස්සෙ පටන් ගන්න පන්සලේ සද්දය අයේ ඉවර වෙන්න රෑ 8 පහුවෙලාය. කඨිනය කාලයටනම් ඉදලා හමාරය. පාඩම් කරන ළමයාට ඒ සදහා කවමදාවක් ඉඩ නැත. අපි මුස්ලිමුන්ට බනින්නේ අන්න තම්බියා පල්ලියේ අල්ලා කියා කෑගහනවා කියාය (මුස්ලිම් සහෝදරයිටවත් ආගමටවත් නිගා නොකලමි.). ඔවුන් අපිට බනිනව නැත්තේද අන්න අරුන් බුද්ධා කියා කෑගහනවා කියාය.

ඇතතටම පන්සලට ශබ්ද්ද විකාශනයක ඕනෑමද? මේ ස්ථානයේ ලොකු ප්‍රශ්නාර්තයකි. මහා හයියෙන් බන දෙසන්න ඕනෑමද? ඇත්තටම කියනවානම් පන්සල දැන් මහත් හිසරදයකි. පෝයටවත් දැන් පන්සලට යන්නට හිතේන්නේද නැත. පන්සලට එරහිව නීතියක්ද නැත. කාට කියන්නද ඉතින්.

බුදුන් දේසූ සුනිමල දහම දැන් දක්නට අමාරුය. සංඝයා කෙලිනා පිස්සු දැක්කාම කසාවතට හිසනමා වදින්නටද ලැජ්ජය. සමහරු සෝවාන් වෙලාය. ඒ තමාගේම අසපුවේ ඒසී කාමරය තුලදීය. ඇතැම්විට ඒසී කාමරය නේරංජනා නදිය අසබඩට සමකර සිතලා නිසාද කියා මට හිතේ. කම් සැප අතහැර ආවානම් සංඝයා එය නැවත පරිහරනය නොකල යුතුය.



තවමත් ලව්ඩ්ස්පීකර් නැති සිය කට හඩින් දහම් දෙසන, ඒසී වාහනයේ නැතුව පයින් හෝ පුට්සයිකලයෙන් වඩින, මහල් තුනේ නිවසට මෙන්ම එක මහලක්වත් නැති නිවසට වඩින උත්තරීතර සංඝ පරපුරක් ලංකාවේ නැත්තේමද නොවේ. ඔවුනට මගේ උපහාරය. නමුත් ඇතිවෙමින් පවතින ගණින්නාන්සේ පරපුරනම් නැවැත්විය යුතුමය. නැත්නම් අපේ බුදු දහම අනතුරේය.



8 comments:

  1. අනිවා මචං ! මටත් ඔය අත්දැකීම තියෙනවා ! පන්සල කොන්කිරිට් වනාන්තරයක් වෙලා. කඨිනය කාලෙට මම ගෙදර එන්නේ මහ රෑ වෙලා. සද්දේ ඉවසන්න බැරි හින්ද !!!

    ReplyDelete
  2. පල්ලියෙනුත් ඔය මල වදේ තමා ජේසු ඇණ ගහපු දවසෙයි ඇණ ගලවපු දවසෙයි.. උට්ටානය කරපු දවසෙයි අර සිකුරාදා විසේස මෙහෙය කියයි පෝය දවස දැන් ඒක කොපි කරල විසේස යාඥා මෙහයෙ කියල මල වදයක්බන්....

    බලන් යද්දි ආගමක් දහමක් දන්නැති අපි උම්බල ඔක්කොටම මේව මහා වද නේද??

    පන්සලේ හරි පල්ලියේ හරි බ්ලූ එකක් මහ හයියෙන් දැම්මනම් උම්බ හාෆ් ඩේ දාල හරි ගෙදර එයි නේද???

    නැත්නම් යාලුවොත් එක සෙට් වෙන්න හාමුදුරුවො හරි පියතුමා හරි එන්න කිව්වනම් පැනල යයි නේද???

    උම්බ දේව දරුවෙක් බන්..

    ReplyDelete
  3. කථාව නම් සම්පූර්ණ ඇත්ත. ඒත් ඇයි කවුරුත් පන්සලේ හාමුදුරුවො එක්ක කථා කරන්නේ නැත්තේ. සමහරවිට දායක සභාව මේ ගැන සලකලා බලයි.

    යෝධයාගේ කථාවට මම නම් එකඟ නෑ. බ්ලූ එකක් මහ හයියෙන් හැමදාම දැම්මාහමත් ඒක වදයක් වෙනවා. බුදු හාමුදුරුවො තරම් නිශ්ශබ්දතාවය අගය කරපු වෙන කවුරුත් නැහැ. මතක ඇතිනෙ කොසොල් රජතුමා මේ ගැන බුදුහාමුදුරුවන්ගෙන් මේ ගැන ඇහුවා.

    මේ පෝස්ටුව බුදු දහමට නිගාවක් නොවේ. අපි ඇත්තටම බුදු දහමට අනුකූලව ජීවත් වෙනවද කියලා ආපසු හිතන්න වෙනවා.

    ReplyDelete
  4. ලංකා කොල්ලා,
    word verification අයින් කරන්න පුළුවන් නම් හොඳයි.

    ReplyDelete
  5. අදහස් වලට ගොඩක් ස්තූතී. මගේ අදහසට අනුවනම් අපි කාටවත් කරදරයක් නොකර ජීවත් වෙන්න ඕනෙ. බුදු දහම නිස්කලංක බව බොහෝ අවස්තාවල ප්‍රිය කරනව. සද්ද බද්ද හා ගෝෂාවන් අනුමත කරන්නේ නෑ. ඒ නිසා තමයි පන්සල් වලත් හැම තැනම ගහල තියෙන්නෙ නිශ්ෂබ්ද වන්න කියල. ඒත් මටනම් තේරෙන විදිහට මේක එකිනෙක පරයා යන්න හදන සටනක්.

    රූ....අදහස් කරන word verification එක මොකක්ද? රිප්ලයි කලොත් ගොඩක් වටිනව.

    ReplyDelete
  6. නජච්චා වසලෝ හෝතී
    නජච්චා හෝති බ්‍රාහ්මණෝ
    කම්මනා වසලෝ හෝතී
    කම්මනා හෝති බ්‍රාහ්මණෝ

    යමෙක් උපතින් වසළයෙක් වන්නේ නැත. යමෙක් උපතින් බ්ර්රහ්මණයෙක් වන්නේද නැත. යමෙක් ක්‍රියාවෙන් වසළයෙක් වේ. යමෙක් ක්‍රියාවෙන්ම බ්‍රාහ්මණයෙක්ද වේ.

    බුදුහාමුදුරුවො කවුරුන් අරභයා මේක වැදෑරුවද කියලා මට මතක නෑ. ඒත් වදාරපු බව නම් අපේ ඉස්කෝලෙ බුද්ඪ්ආගමට ඉගැන්නුවා හොඳට මතකයි.මේ ලිපිය බොහොම කාලීන ලිපියක්.ඒක ලියලා තියන විදිය කිසිම ක්‍රෝධයකින් තොරව හිතට හැඟුන දේ කියලයි මගේ නම් වැටහීම.මමත් මේ කරුණ දැන් ටික කාලෙක ඉඳලා ගොඩක් නෝටිස් කළා. ඇයි අපි තව කාටවත් වදයක් වෙන්නෙ? ඇයි අපි මිනිස්සුන්ට බලෙන් ධර්මය අස්සවන්න යන්නෙ. සමහර වෙලාවට බණ කියනවා වෙනුවට වෙන වෙන පන්සල් වලට, පල්ලි වලට, ආගම් වලට ආදී මෙකී නොකී විව්ධ පිරිස් වලට ඇනුම් පද කියනවා මම අහලා තියනවා. සමහර වෙලාවට ස්වයං ආත්ම වර්නනාව.(හැමෝම නෙවෙයි. ඒත් සැළකිය යුතු පිරිසක් ඉන්නවා). ඇඟත් හිරිවැටෙනවා අහන් හිටියම.ඇයි අපි අවිහින්සාවාදී දර්ශනයක් අනුගමනය කරන ගමන් කාගෙවත් ක්‍රෝධය අවුස්සන්නෙ?අපේ ගෙදර පාරත් අවසන් වෙන්නෙ පන්සලකින්.පන්සල එහාපැත්තෙ ඉඩම විකුනන්න හෙන අමාරුයි. කවුරුත් ගන්න කැමති නෑ. කරදරයි කියලා.හරිම කණගාටුයි.සමහර පන්සල් වල තත්වෙ ඒ තරමටම පිරිහිලා.මම අහලා තියන විදියටනම් බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කළේ ඒ ඒ සවන් දෙන්නන්න්ගෙ නුවණ සළකලා බලලා ගැළපෙන පරිදි.එතකොට ඒ ඒ පිරිස් තම තම නැණ පමණ ධර්ම කරුණු වටහා ගත්තා.දැං ඉතින් ඔක්කොම උපාසක උපාසිකාවන්ට ගමටම ඇහෙන්න එකම බණක් තමා ස්පීකරෙන් බෙදා හරින්නෙ. සමහරුන්ට ඒක බර වැඩියි, සමහරුන්ට සරළ වැඩියි.ඉතින් ඔක්කොම අප්සට්.මට හිතෙන්නෙ මාර්ග ඵල අවබෝධ කරගන්න ට්‍රයි කරන්න කළින් අපි පොඩි පොඩි දේවල් හදාගන්න ඕනෙ.අර කතාවක් තියේනෙ.අස්ස ලාඩමේ ඇණේ හරියට හයි නොකළ නිසා අස්ස ලාඩම මගදි වැටුනලු.ඒක නිසා අස්සයා හෙමින් දිවුවලු.ඒකෙන් අශ්වාරෝහකයා ප්‍රමාද වුනාලු.ඒ නිසා රජතුමාට පණිවිඩේ එන්න පරක්කු වුනාලු.පණිවිඩේ වෙලාවට ආවෙ නැති නිසා නිසි වෙලාවට ක්‍රියාමාර්ග නොගැනීමෙන් රජතුමා යුද්ධෙ පැරදුනාලු.සේරටම මුල අස්ස ලාඩමේ ඇණේ.මුලු රටක්ම පැරදීමට මුල ඒක තමා.ඉතින් පොඩි පොඩි වැරදි දේවල් හදාගන්නකං අපි කාටවත් ගොඩ යෑමක් නෑ.බුදු දහම බොහොම තාර්කිකයි.ඒත් අපි මොකට ඒකෙ ලොකු කම් අනුන්ට පාන්න යනවද?එතකොට නිකන් මිනිස්සු කෝප වෙනවා.අපි ඒ දහම නියම විදියට ප්‍රයෝජනයට ගන්නවනම් අපි පම්පෝරි කාරයො වෙන්න හොඳ නෑ. අපිට නිහතමානී වෙන්න බැරි වුනාට අති මානයෙන් තොර වෙන්නවත් පුළුවන් වෙන්න එපැයි නියම බෞද්ධයො විදියට.අපේ සමහරු බලන්නේ උපතින් බෞද්ධ කියලා කියාගෙන ඒකෙනුත් මොකක් හරි ලොකු කමක් මවාපාන්න.අනිත් මිනිස්සුන්ට ඇනෙන්න දෙයක් කියන්න.ගුණයෙන් වැඩෙන්නෙ නැතුව නිකම්ම නිකන් ගණනෙන් වැඩෙන්න තමා උත්සාහය.හරිම කණගාටුයි බලා ඉන්න.බුද්ධාගම කිය කියා බොරුවට අනිත් ආගම් එක්ක තරඟෙට යන්නයි ලෑස්තිය.අනේ අපිට එහෙම තරඟ මොකටද?බුදුහාමුදුරුවොත් වදාරලා තියන විදියට ක්‍රියාවෙන් විතරයි හොඳ බෞද්ඪ්අයෙක් වෙන්න පුළුවන්.ලේබල් අලෝගෙන උපතින් විතරක්ම බෞද්ධ වෙන්න පුළුවන් කියලා හිතා ඉන්න පිරිසකගේ උඩ ගෙඩි දීම නිසා තමා මේ කරදරකාරී ක්‍රියා ඇති වෙලා තියෙන්නෙ.සුනාථ ධාරේථ චරාථ දම්මේ කියලනෙ කියලා තියෙන්නෙ. දැන් තියෙන්නෙ භාගෙට සුනාථ, භාගෙට දාරේථ සහ පොඩ්ඩක්වත් චරාථ නැති බහුතරයකගේ විකාර.හරිම කණගාටුයි.

    ReplyDelete

ඇදහසක් දාල යන්න. ගොඩක් වටිනව. Use your own language. Really appreciate it.