Tuesday, November 8, 2016

මම රටකජු කනවා



පෙර දිනයක මා පෙම්කල යුවතිය රටකජු විකුණනවා..
මගේම ලියුමක් ගොටුවක් ගහලා රටකජු මට දෙනවා..
රටකජු කන්නද, ලියුම බලන්නද මගේ සිත විමසනවා..
මගේම ලියුමේ මොනවා බලන්නද මම රටකජු කනවා..

- W.D. අමරදේව

Tuesday, December 15, 2015

තොරණ



තිබ්බ ලස්සනට තොරණ දිහාම බලන් හිටපු මට, ජාතකේ මොන වගේද බලන්න අමතක උනා..
-Stolen from Unknown

Tuesday, September 30, 2014

The Old ලව්




නොකියා බැරි කමට මළගම කටත් කියුවා 
හරියට අදට මසක් ඔත්පල වී උන්නා 
කදුලින් පැන් වඩා පිං පෙත් පැමිණෙව්වා 
අපේ පෙම් පුවත ඊයේ මිහිදන් කෙරුවා

-සෝර්ස් එක unknown (But අයිති කරුවෙක් සිටිය හැක.) 

Monday, September 15, 2014

කොළඹදී බණ්ඩන් දුටුවෙමි.




කොල්ලට ටිකක් අමුතු හැගීමක් ආව නිසා මේ ගැන ලියන්න හිතුන. මේ ඉරිදා අර තොරතුරු තාක්ෂණ  ආයතනයේ පාගමන (එයාලගේ භාෂාවෙන් කියනවනම් walk එක) දැකලයි මේ උණ්ඩි උන හැගීම් පිබිදිලා ආවේ. දෙයියනේ උන් ඉරිදා කොළඹ දෙක කොලානේ. ඇත්තටම කිව්වොත් walk එකක් නෙමේ වාහන පෙළපාලියක්.

මටනම් එක දැක්කම කිසිම හැගීමක් ආවේ නෑ. කොටින්ම කිව්වොත් උන් මොකට ඒක ගියාද කියලවත් මට තේරුනේ නෑ. නිකන් කොල්ලෝ කෙල්ලෝ ටිකක් පුදුම අමාරුවකින් දැගලුව වගක් විතරයි දැක්කේ. හැබැයි මට එක දෙයක් හිතුන " මේ දගලන ළමයි ටිකයි ලමිස්සියෝ ටිකයි නේ ඉස්සරහට අපේ ඉන්ෆොර්මේෂන් ටෙක්නොලොජි කොරන්න එන්නේ ". ඔන්න ඕකයි මගේ අදහස. කියන්නනම් ගොඩක් දේවල් තියනවා මේ ගැන. ඒ උනාට මේ ඇති. මටනම් මේක දැක්කම හිතුනේ "බණ්ඩො කොළඹ ඇවිල්ලා" කියලමයි. උන්ටත් ඉතින් ආතල් එකක් තියෙන්න ඕනනේ.. ගුඩ් ලක් ඉතින්. 


Wednesday, April 10, 2013

Decca කරපු වරද

 

The_Beatles

Decca කියන්නේ ලෝකේ තියන ප්‍රසිද්ද සංගීත පිළිබද කටයුතු කරන සමාගමක්. 1929 පටන් ගත්ත Decca එංගලන්තය මුලික කරගෙන කටයුතු කරගෙන ගිය සමාගමක්. ඒ වුනාට දැන්නම් අයිති කාරයෝ ඇමරිකාව.

හිතන විදිහට හැමෝම අහල ඇති Beatles සංගීත කණ්ඩායම ගැන. Beatles එංගලන්තයේ තමයි පටන් ගන්නේ. ඒ වුනාට පස්සේ කාලෙකදී ලෝකයේ ප්‍රසිද්දම සංගීත කණ්ඩායමක් වෙනවා. 60 දශකයෙන් පස්සේ තවමත් ලෝකයේ ජනප්‍රියම සංගීත කණ්ඩායම.

කතාව මේකයි. 1962 මුල්කාලේ Beatles එයාලගේ පලවෙනි සංගීත ඇල්බමය එලි දක්වන්න හදනවා. එතකොට මෙයාල Famous නැහැ. පොඩි සංගීත කණ්ඩායමක් කව්රුවත් දන්නේ නැති. Beatles ල හිතවා Decca  එක්ක එකතු වෙලා පලවෙනි ඇල්බමය එලි දක්වන්න. එයාල Decca එකට දෙන්න සිංදු 15ක් Record කරගෙන යනවා. ඒ වුනාට Beatles ලට වෙන්නේ අකුලාගෙන ආපහු එන්න. Decca කියනවා “මොන බහුබුතයක්ද මේ, අපිට මේවා කරන්න බෑ”  කියල. ඒක ලෝකේ අවාසනාවන්තම ප්‍රතික්‍ෂේප කිරීමක්. මොකද Decca හීනෙකින්වත් හිතන්න නැතුව ඇති Beatles කවදා හරි ලෝකේ ජනප්‍රියම සංගීත කණ්ඩායම වෙලා ලෝකයම හොල්ලයි කියල.

ජිවිතයේ අනුමත කිරීම් වලට වඩා ප්‍රතික්‍ෂේප කිරීම් වැඩි. අපිව ප්‍රතික්ෂේප වුනාට සැලෙන්න හොද නෑ. මොකද කවදා හරි කව්රු හරි අපිව Accept කරයි. එදාට අපිව ප්‍රතික්ෂේප කරපු උදවිය ඒ ගැන දුක්වෙයි. ඒක තමයි කොල්ලටනම් හිතෙන්නේ මේ කතාව ඇහුවම.