Wednesday, June 2, 2010

කුණු කූඩයට දමන්න පෙර පොඩ්ඩක් හිතල බලන්න, මේවා ජීවිතයට වැදගත්....


මේක පරණ කතාවක්. ඒත් නොදන්න අයට දැන ගන්නත් එක්කයි මම මේක ලියන්නෙ. දන්නව ඇතිනෙ ඇමරිකා එක්සත් ජනපදයේ 16 වැනි ජනාධිපතිතුමා ඒබ්‍රහිම් ලිංකන් මහතා කියලා. වහල් වෙළදාමට එරහිව නැගී හිටපු නිසා එතුමා ලෝක ප්‍රසිධදයි. එතුමා ගැන ප්‍රසිද්ධ කතා ගොඩක් තියනව. මේකත් ඒ වගේ එකක්.


දවසක් ජනාධිපතිතුමා තමන්ගෙ කාමරේ ඉදගෙන තමන්ගෙ සපත්තු මදිනව. ඔය අතරෙ කාමරේට ආපු මහත්මයෙක් "Mr. President, ඔයා මොකද ඔයාගෙ සපත්තු මදින්නෙ?" කියල ඇහුව. එතකොට ජනාධිපතිතුමා අහනව "ඇයි ඔයා වෙන කාගෙ සපත්තුද මදින්නෙ?"

මෙතනින් ගන්න පුළුවන් ආදර්ශ මොනවද? බලන්න එතුමා කොච්චරම නිහතමානීද? ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ලොව වැඩිම විධායක බල තල සහිත ජානාධිපති ධූරයයි. නමුත් ඔහුගේ සපත්තුව මැදීමට මෙහෙකරුවෙකු යොදාගැනීම පහසු කටයිත්තකි. නමුත් ඔහුගේ නිහතමානී කම නිසාවෙන්ම ඔහු සිය කටයුත්ත තමා විසින්ම කරගනී. මෙය අප සැම දෙනාටම ආදර්ශයකි.


අනෙක් කරුන නම් Mr.President යනුවෙන් ඇමතීමයි. ලංකාවේ අපි නායකයන් ඇමතීමට පණ්ඩිත්, අතිගරු, අති උතුම්, යනුවෙන් යොදාගනී. නමුත් මෙහි සදහන් ඇමරිකානු ජනතාව කෙතරම් සරලද? නමට පෙර දීර්ඝ හෑලි නැත. ඇමරිකානු කියා සෑම දේම ඉවත දැමීම සුදුසු නැත. හොදදේ අප ලග තාබාගෙන අනෙක්වා ඉවත දැමිය යුතුය.