Monday, February 15, 2021

තුනම කරලා මාව කාපිය

 

Picture Credit to original Owner of the picture


ඉස්සන් මරාපිය 
රා කලයකම බීපිය
මෝව අබවාපිය
තුනම කරලා මාව කාපිය


~දහම් ගැටමාලාව

Wednesday, February 3, 2021

පැටියෝ



රතුතොල් උබටත් වැඩියෙන් උන් පාට කර

මුහුලස දිගට මල් ලියකම් අඩු නොකර

හොයමින් නුබේ අඩුවැඩිකම්  අතර

නෑයෝ ඇරන් එයි කටවල් දිග හැකර


මල් ගව්මටයි මටනම් නුබ හැඩකාරී

මොකටද දිනක් සරසණ්නට රටසාරී

යහනට නෙමේ නුබ මගෙ දිවියට බාරී

රැයකට කුමට අපි දෙන්නට ගලදාරී

දාඩිය හලා සෙවූ මොණරුන් මදි නොකිය

ගැවසූ කුමට ඉදගන්නට සෙටි බැකිය

දැන් බැන්දාය ලෝකෙට පෙන්නන වැකිය

ගැසූ රථ දමා අත් පටළා යා හැකිය


උඩපැන උබව උස්සන් ඇල්බම් වලට

පණයයි කලින් නොගියොත් මම ජිම් එකට 

ඩීජේ ලයිට් මල් සෝබන ලෝකයට 

පසුදා පානුත් අරගන්නේ පොතට 


කාබී නටා සමහරු වෙරිවී නටලා

නැන්දා යාවි වැන්දේ නෑ යයි බැනලා

ණයවී පෝරු තැනුවත් බැලුවම හැරිලා

බැදලා නෙමෙයි පැටියෝ දෙන්නම ලා


-සම්පත් කුරුප්පු ආරච්චි
Original Topic එක: අපි දෙන්න පැනල යමු නංගී