කාලයක්ම මම මගේ බ්ලොගය නොලිය හිටිය. ඇත්තටම වේලාව මදිකම තමා හේතුව. අදනම් ලියනවමයි කියල ඔලුවේ ලොකු අදසක තිබුන.
බස් රථය ගැන ලියන්නනම් අගක් මුලක් හොයා ගන්න අමාරුයි. ඒත් කොහොම අහරි ලියනන්න වෙනව.
බස් එකකට නැග්ගම ඒක ඇතුලෙ නානාප්ප්‍රකාරයේ මිනිසුන් ඉන්නව. සමහරු තමන්ගේ ලෝකයේ තනිවෙලා, සමහරු දොයි, සමහරු කාටහරි ට්‍රයි. ඔන්න ඔහොම වැඩ ගොඩයි. ඒ අස්සෙ කොන්දොස්තර ටිකට් කඩයි. ආආආආ අමතක් වුනා. ඇයි රේඩියෝව... අෆ්ෆා නොනවත්තා කෑ ගහනව.
ඇත්තටම මටනම් බස් කියන සද්දෙ ඇහෙනකොටත් ටිකක් ඔක්කාරෙට එනව. ඒක මට විතරක් නෙමේ, හැමෝටම පොදු දෙයක්. මම මේ බ්ලොග් එකේම මේ ගැන එකක් කලින් ලිව්ව. ඒත් ආයෙමත් මට කියන්න හිතුනෙ ඒ ගැන තියන අප්පිරියාව නිසාමයි.
ඇත්තටම ලංකාව ගත්තොත්, අපේ රටේ බස් සේවාව අන්තිමයි. මිනිහෙක් බස් එකට නැග්ගවේලාවේ ඉදල විගින්නෙ දුක. ඒහාට තෙරපෙනව මෙහාට තෙරපෙනව. කොන්දොස්තර ඉස්සරහට නැගල කෑ ගහනව "පස්සට යන්න පස්සට යන්න" කියල, ආයෙ පස්සෙන් නැගල කෑ ගහනව ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කියල.
වායුසමීකරනය කරපු බස් එකකක ගියත් ඒ සෙත එහෙම්මමයි. ඒවායේ මිනිස්සු හිටගෙනද යයි. :O හිටගෙන ගියත් ඉදගෙන ගියත් ඒ දෙපාර්ෂවයෙන්ම අයකරනා ගස්තුවනම් වෙනස් වන්නෙ නෑ.
ඒ මදිවාට හැමතිස්සේම මාරු සල්ලි නැහැ. මාරු සල්ලි නැති මුවාවෙන් හැම තිස්සෙම ඉතිරි නොදී මාරු වෙයි. මහ බැංකුවම සුද්ද කරත් බස් කොන්දොස්තර ගාව මාරු සල්ලීනම් නැහැ.
ඇනිත් ගැටලුව කියන්නෙ බස් එකට නගිනකොට තියන හොද මුහුන සහ බහින කොට තිබෙන යක්ෂ වේශයයි. බස් එකට නගින විට හිනාවෙලා නවත්තල නග්ග ගත්තත්, බහින කොට බහින්න බස් එක නවත්වන්නේවත් නැහැ....
පුදුමයනම් කොච්චර නැග්ගත් බස් එකේ ඉඩ නැති නොවීමයි.
බස් යන්නේ මිනිසුට ඕනෑ වේලාව නෙමේ, ඔවුන්ට ඕනෑ වේලාවටය. රෑටනම් ප්‍රයිවට් බසයක් හොයාගන්නනවත් නැත. රෑට ඇත්තේ හැමදාමත් බැනුම් අහන ලංගම පමණය. බස් යනු වෙනම ලෝකයකි. එහි ඇත්තේ ඔවුන්ගේම නීතිය, රීතිය, ඒවා වෙනස් කර, මහජන හිතකාමී බස් සේවාවක් ඇති කිරීමට කාට හරි පුලුවන්නම්, ඒය ඉතාමත් අගනා කාරනයක් වේ.
මේවා තමා ඉතිං කියන්න තියෙන්නෙ. කිසිම කෙනෙක් කවම දාවත් බස් සේවාව ගැන හොදක් කියනවා මම අහල නෑ. ඒ විඩිහට හොද වචනයක් අහන තැනට බස් සේවාව එනකොට අපි මේලෝකෙ නැතිවෙයි, ඒ වගේම ඒ කාලෙට බස් මහපොලොවේ දාවනය නොවන ඒවා වෙයි.
100% true
ReplyDeleteඇත්ත මචං.. කොහෙත් වෙන්නෙ ඔය ටිකම තමයි
ReplyDelete