Wednesday, July 28, 2010

අනුන්ට shopping කිරීම නොහොත් කඩේ යාම



නිදහස් අධ්‍යාපන ලබා ඉන් ලැබෙන්නා වූ යහපත නිසියාකාරයෙන් ලබා ගැනීමට අපොහොසත් වන පව්කාරයින් කීප දෙනෙකි. මේ වකවානුවේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ රුහුණු සරසවියේ සිසුවෙකු මියයෑමේ සිද්ධියයි. සැබැවින්ම තරමක් කතා බහට ලක්විය යුතු කාරනාවකි. පලමු වසරේ සිට විශ්වවිද්‍යාලය තෙක් පැමිනෙණ සිසුවාට රජය කොතරම් ධනයක් වියදම් කර තිබෙනවාද? පොත පතට ඇදුමට කෑමට ආදී මෙකී නොකී බොහෝ දෙයකට වියදම දරනු ලබයි. ඒ රටේ පැහැදිලි අනාගතයක් උදෙසා මේ සිසුවා යොදවා ගැනීමටයි.



සිසුවා විශ්වවිද්‍යාල තුලදී තෙල බෙදීමකට ලක් වේ. ශිෂ්‍ය බල මණ්ඩල වලින් සිය ප්‍රගතිශීලී අදහස් සිසුන්ගේ මොලයට කා වද්දනු ලබයි. අවසානයේ ප්‍රථිඵලය වන්නේ කිහිප දෙනෙකුගේ උවමනාවන් මත සිසුවා ක්‍රියාත්මක වීමයි. විශ්වවිද්‍යාලයට යන්නේ වැඩිපුර ඉගෙනීමටයි. නමුත් වන්නේ එය නොව උද්ගෝෂණ කිරීමයි. නමුත් ඒ පලක් ඇති කාරනා සදහා නොව. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරහි වීම නිදහස් අධ්‍යාපනය රැක ගැනීම මේ සදහා බහුලව යොදාගැනෙනා පොදු මාතෘකාවේ. නමුත් මේ ටොයිස් කොල්ලන් කෑගැසූ පලියට පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉදිවීම නවතින්නේ නැත. නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට තරම් දෙයක් එයට සිදුවීද නැත. බල්ලෙකු බිරූ පලියට කන්දක් පෙරලෙන්නේ නැත. අවසානයේ කිසිවක් සිදුවී නැත. සිදුවී ඇත්තේ සිසුන් කීපදෙනෙකු යහමින් සප්පායම් වීමය.. අනේ අපොයි අතපයෙන් වැඩ ගන්නෙත් නෑනෙ. පොලිසියේද යුද්ධය අවසාන නිසා රාජකාරී අවමය. ඔවුන්ද ලද අවස්තාවේන් යහමින් ඇගපතේ හිරි කඩා ගනිති. සදුවී ඇතේ කඩේ යාමකි. මහජනතාවගේ මුදලින් උගත්තානම් එයින් ජනතාවට සේවයක් සිදු කොට කලගුණ සැලකිය යුතුය. නමුත් ඒ වෙනුවට දුප්පත් ජනයාට තවත් පාඩු සිදු කරයි. වැසිකිලියේ වාඩිවී තටමන විටදීත් කාල් මාක්ස් දෙවියා යදින්නන් සුලු පිරිසක් සමස්ථ සිසුන් ප්‍රජාවම වනසති. ඉගෙන ගන්නවානම් මේ කසිකබල් දේශපාලනය කුමකටද එය උවමනානම් එහි සීමාවක් පැවතිය යුතු වේ. නමුත් මේවාහී සීමාවක්ද නැත. අවසානයේ සියල්ල මෙහෙය වූවන් සල්ලි ගරන රැකියවල පුටු උඩට හිමින් මාරු වෙයි. පසු පසින් සිටිමින් කෑගැසූ හෙන්චයියලා රැකියා යදිමින් බංකු උඩට මාරු වෙයි. මුදල දුටුවිට කාල් මාක්ස් පෙනෙන්නට නැත. මේවාට ගමේ කියනේ කටේ නරිවාදම් රෙද්ද පල්ලේන් පේනවා කියාය. අවසානයට සිදුවී ඇත්තේ තමා නොදැනුවත්වම කඩේ යාමකි.



විශ්වවිද්‍යාලයට යන්නේ රටේ උගත් තරුණ පිරිසය. ඒ ඔවුන්ගේ අර්ථ දැක්වීමයි. නමුත් පිටත සිටින්නන්ට පෙනෙන්නේ ඒ රටේ නූගත් තරුණ පිරිස කියාය. මාගේ අදහසනම් විශ්වවිද්‍යාල තුල දේශපාලනික ශිෂ්‍ය සංගම් අවශ්‍ය නැත. එය රටේ තවත් උගත් පිරිසකගේ වලට වැටීමකි. මේවා පාලනය කිරීම පරිපාලකයන්ගේ වග කීමකි. නමුත් උගතුන් වශයෙන් තෝරාබේරා ගැනීමේ හැකියාවද තිබිය යුතුවේ.

3 comments:

  1. සිරා ලිපිය මචන්.. සම්පුර්ණයෙන්ම එකඟයි...

    ReplyDelete
  2. මගේ අදහසද විශ්වවිද්‍යාල තුල "දේශපාලනික ශිෂ්‍ය සංගම්" අවශ්‍ය නැත යන්නයි.නමුත් විශ්වවිද්‍යාල තුල "ශිෂ්‍ය සංගම්" තිබිය යුතුය !

    ReplyDelete
  3. මා කියන්නේත් විශ්වවිද්‍යාල තුල දේශපාලනික ශිෂ්‍ය සංගම් අවශ්‍ය නොවේ කියයායි.... නිකම් ඇගපත තලා ගැනීමක් හා කාලය කා දැමීමක්.

    ReplyDelete

ඇදහසක් දාල යන්න. ගොඩක් වටිනව. Use your own language. Really appreciate it.