Wednesday, June 2, 2010

කුණු කූඩයට දමන්න පෙර පොඩ්ඩක් හිතල බලන්න, මේවා ජීවිතයට වැදගත්....


මේක පරණ කතාවක්. ඒත් නොදන්න අයට දැන ගන්නත් එක්කයි මම මේක ලියන්නෙ. දන්නව ඇතිනෙ ඇමරිකා එක්සත් ජනපදයේ 16 වැනි ජනාධිපතිතුමා ඒබ්‍රහිම් ලිංකන් මහතා කියලා. වහල් වෙළදාමට එරහිව නැගී හිටපු නිසා එතුමා ලෝක ප්‍රසිධදයි. එතුමා ගැන ප්‍රසිද්ධ කතා ගොඩක් තියනව. මේකත් ඒ වගේ එකක්.


දවසක් ජනාධිපතිතුමා තමන්ගෙ කාමරේ ඉදගෙන තමන්ගෙ සපත්තු මදිනව. ඔය අතරෙ කාමරේට ආපු මහත්මයෙක් "Mr. President, ඔයා මොකද ඔයාගෙ සපත්තු මදින්නෙ?" කියල ඇහුව. එතකොට ජනාධිපතිතුමා අහනව "ඇයි ඔයා වෙන කාගෙ සපත්තුද මදින්නෙ?"

මෙතනින් ගන්න පුළුවන් ආදර්ශ මොනවද? බලන්න එතුමා කොච්චරම නිහතමානීද? ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ලොව වැඩිම විධායක බල තල සහිත ජානාධිපති ධූරයයි. නමුත් ඔහුගේ සපත්තුව මැදීමට මෙහෙකරුවෙකු යොදාගැනීම පහසු කටයිත්තකි. නමුත් ඔහුගේ නිහතමානී කම නිසාවෙන්ම ඔහු සිය කටයුත්ත තමා විසින්ම කරගනී. මෙය අප සැම දෙනාටම ආදර්ශයකි.


අනෙක් කරුන නම් Mr.President යනුවෙන් ඇමතීමයි. ලංකාවේ අපි නායකයන් ඇමතීමට පණ්ඩිත්, අතිගරු, අති උතුම්, යනුවෙන් යොදාගනී. නමුත් මෙහි සදහන් ඇමරිකානු ජනතාව කෙතරම් සරලද? නමට පෙර දීර්ඝ හෑලි නැත. ඇමරිකානු කියා සෑම දේම ඉවත දැමීම සුදුසු නැත. හොදදේ අප ලග තාබාගෙන අනෙක්වා ඉවත දැමිය යුතුය.

Monday, May 31, 2010

මිත්‍යාව සහ මිත්‍යාව වෙළදාම් කිරීම

වශී ගුරුකම්, රොඩී දැහැනින් වශී ගුරුකම්..... නිතර පත්තරයේ හා රූපවාහිනියේ යට තීරුවේ දක්නට ලැබෙන ඒවාය. පුවත්පතක් බැලූවිට එහි ඇති දැන් වීම් දයකින් දෙකක්ම මෙම මිත්‍යා ක්‍රියා පිලිබද දැන් වීම්ය.

රෝඩී වශී ගුරුකම් අතීතයේ සිට පැවත එන ක්‍රියාවක්ය. නමුත් එහි බැරෑරුම් තත්වය වන්නේ පන්සලද, සංඝයාද ඊට සම්බන්ද වී සිටීමයි. බුදුදහමේ මිත්‍යාවන් ප්‍රථික්ශේප කරයි. බුද්ධ ධර්මය විද්‍යාව මත පදනම් වී ඇත. බුදු රජාණන් වහන්සේ විද්‍යාව පිළිබදව ප්‍රකාශ කරනු ලැබූවේ සුද්දා කැලයේ සිටින අවදියේදීය.

මෙහි සැබෑ ත්තවය කුමක්ද? ඇත්ත වශයෙන්ම හැරගිය සැමියා,බිරිය,පෙම්වතා හෝ පෙම්වතිය ගෙන්වා දීමට මොවුනට හැකිද? කෙස්ගහකින් කෙල්ලෙකු හෝ කොල්ලෙකු වශීකරවා දීමට හැකිද? විශාල ගැටළුවකි. මානම් මෙවන් සිදු වීමක් පිළිබදව මෙතුවක් තුරාවට අසා නැත. වශීකරවා දීමට හැකිනම් එය ඉතාමත් වටිනා ක්‍රියාවකි. එසේනම් අයිශ්චර්ය්‍යා රායි ලොව මෙතෙක් බිහිවූ ලස්සනම කාන්තාව, වශීකරවා ගැනීමට මිනිසුන් පසුබට වන්නේ ඇයි? අභිශේක් බච්චන් එසේනම් වශී ගුරුකමක් කරවාගෙනවත්ද?

සැබෑ තත්වය ගැන නොදැන අවලාද නැගීම එතරම් සුඩුසු නැත. නමුත් පෙනෙන්නට තරම් සත්ය්‍යක් මෙහි නොපවතී. මිනිසුන් නොමග යැවීමක් සිදි වෙනවා යැයි මාගේ හැගීමයි.... මුදල් විශාල ප්‍රමානයක් වියදම් කරවාගෙන මිනිසුන් මේ වෙත යන්නේ විශාල බලා පොරොත්තු සමගය. මිත්‍යාව විශවාශ කිරීම මිනිස් ගතියකි. මවා පෑමක් නිසා මිනිසා ඒ වෙත ඇදී යයි. කරන්නට දෙයක් නැත්තටම නැතියයි හැගී ගිය විට මිනිසා ඒවෙත ඇදී යයි. මෙය ස්වභාවික මිනිස් ගුනයකි. නමුත් ගැටළුව වන්නේ ගජබින්න සමගින් මිනිසුන් රවටා ගැනීමයි. කසාවත මිත්ය්‍යාවේ නාමයෙන් විකුනා ගැනීමයි වහාම මේ සඩහා පිලියම් යෙදිය යුතු නොවේද? නීල් ආම්ස්ට්‍රෝංග් සදට ගොස් වසර පනහකට වැඩිය. නමුත් අපි තවමත් ගල්ගුහා තුලය. සුද්දන්ට විද්‍යාව ඉගැන්වූ අපි දැන් සුද්දන්ට වඩා පිටුපසින්ය.

Wednesday, May 26, 2010

කම්මුලට ගහන රොබෝ

සමහර විට මේ කතාව ඔයාල අහලත් ඇති. ඒත් දන්නෙ නැති අයට දැනගන්නත් එක්ක කියන්න හිතුන. මටත් මේ ළගදි දවසක තමා මේක අහන්න ලැබුනෙ. ඔන්න එහෙනම් අහන්නකො...


තාත්ත කෙනෙක් ගෙදරට ගෙනාව බොරු කියද්දි අදුර ගන්න පුලුවන් රොබෝ කෙනෙක්ව. ඒ රොබෝට බොරුවක් කියුවොත් අදුනගන පුලුවන්. කිව්වෙ බොරුවක් කියල තේරුනොත් මේ රොබෝ අත දිග ඇරල කම්මුලට පාරක් දෙනව.

ඔන්න ඉතින් රොබෝව ගෙල්ල ටික දවසක් ගියා. කිසිම අව්ලක් වුනේනම් නෑ. දවසක් පුතා පංති ගියා. පංතියට ගිහාම පුතාට හිතුන අදනම් වැඩක් නෑ. හරි හමන් කෙල්ලෙක්වත් නෑ අද බලන්න. අද ඔන්න ඔහෙ කට් එකක් දානව කියල. ඉතින් ඔය පුතා තව යාලුවෙකුත් එක්ක කට් එකක් දාන්න බීච් එක පැත්තට ගියා. ඉතින් කොහොම හරි ගෙදරට එද්දි ටිකක් විතර රෑව් උනා. ගෙදරට එද්දි තත්ත ඉන්නව රොබෝවත් ළග තියාගෙන, ගෙදර ඉස්සරහ වාඩි වෙලා ඉන්නව. ඔන්න පුතා ගෙදරට ගොඩවුන ගමන් තාත්ත අහනව "අද පුතා කොහෙද ගියේ?" කියල, පුතත් ගත්තු කටටම කිව්ව "මම ගියේ පංති කියල".රොබෝ අතදිග ඇරල දුන්න පුතාගෙ කම්මුලට පාරක්. තාත්ත දැන්දන්නව පුතා කිව්වෙ බොරු කියල.

ඔන්න තාත්ත පටන් ගත්ත දේශනාව දෙන්න. "මොනවද මේ තමුසෙ කරන වැඩ ආ ආ.... මෙහෙම ඉගෙන ගන්න පුලුවන්ද? මම නම් ඒ කාලෙ එහෙම නෑ, අපි හැමදාම පංති ගියා, කට්ටි පැන්නෙනම් නෑ". මේක අහපු රොබෝ දුන්න තාත්තටත් අත දිග ඇරල කම්මුලට පාරක්.

මෙක අහගෙන හිටපු අම්ම මෙතනට දුවගෙන ආව. අම්ම ඇවිල්ල කියනව, "මොකක්ද මේ තාත්තයි පුතාගෙයි රංඩුව? ළමය පංතිය කට් කලම මොකද, තාත්තගෙම පුතානෙ." අම්ම මෙහෙම කියපු ගමන් රොබෝ දුන්න අම්මගෙත් කම්මුල හරහා හොද පාරක්.

අම්මගෙ කම්මුලට රොබෝ ඇයි ගැහුවෙ කියල හිතාගන්න පුලුවන්ද? ඇයි ගැහුවෙ කියල පුලුවන්නම් කියන්න බලන්න......

Friday, April 30, 2010

උන්මාදයක්

සාමාන් පෙල ඉවර වෙලා දැන් හුගක් කල්. ප්රතිපලද නිකුත් වී අවසානයි. මීලගත ඇත්තේ උසස් පෙල සදහා විශයන් තෝරා ගැනීමේ තරගයයි. මේ සදහා උදව් උපකාර කිරීමට බොහෝ පිරිසක් මේ දින වල පෙල ගැසී සිටී. බැලූ බැල්මට උන්මාදයකි.. නැතහොත් පිස්සුවකි.

ටියුශන්, ටියුශන් මාස්ටර්ලා බොහෝ පිරිසක් සදහා පෙල ගැසී සිටී. මේ බොහෝමයක් දෙනා ලංකාවේ හොදම ප්රතිඵල ලාබාදුන්න උන් වේ. වැඩිම පිරිසකට සම්මන ගෙනදුන්නවුන් වේ. (පිස්සු හැදෙන සද කිව්වලු...)

ළමයා පාසල් යන්නේ නැත. වෙනුවට ටියුශන් යයි. ටියුශන් ගුරුතුමා ළමයා පිළිගැනීමට සැදී පැහැදී සිටී.

ශ්රී ලංකාව ආසියවේ චීනය හැරුනුවිට නිදහස් අධ්යාපනය ලබාදෙන එකම රටයි. දකුණු ආසියාවේ නිදහස් අධ්යාපනය ලබාදෙන එකම රටයි. රජය මේ සදහා විශාල මුදලක් වැයකරයි. රටේ අනාගතය සරුකරලීමට එසේ වියදම දරනු ලබයි. මහජනතාවගේ බදු මුදලින්,දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් මුදලින් මෙසේ අධ්යාපනය සදහා වියදම් කරනු ලබයි. නමුත් එම වියදම් ආකාරයෙන්ම සිදු වද්දී ළමයා නොහොත් අනාගතයේ අපේක්ශාව ටියුශන් ගුහාවට බඩ ගානු ලබයි.

මුලදී අ.පො.ස. උසස්පෙල සදහා පමණක් මද වශයෙන් දක්නට ලැබුනු මෙම උන්මාදය ක්‍රමයෙන් සාමාන්‍ය පෙල සදහාද ව්‍යාප්ත වී පවතී. කෙසේ වෙතත් සාමාන්‍ය පෙල කාලයට වඩා ටියුශන් සදහා වැඩි පෙලබ වීමක් උසස් පෙල කාලයේදී දක්නට ලැබේ. ටියුශන් නොගියොත් විභාගේ පාස් වෙන්න බෑ යනුවෙන් මතයක් සමාජය තුල ගොඩ නැංවීමට ටියුශන් ගුරුවරයා සමත් වී හමාරය.

වර්ථමාන ලෝකය තරගකාරීය. සෑම දෙයක්ම පහේ මුදල හා ලබැදිය. ටියුශන්ද පාසලද තෝරා ගැනීමට අවස්ථාව එලබී ඇත. වානිජ කරනය වූ සිසුවෙක්ට වඩා ගුණ දම් නොමැති සමාජයකට වඩා සාමකාමී පරාර්ථ කාමී සමාජය කෙතරම් වටිනේද. අනාගතය සුන්දර කිරීමට ගුණ යහපත් සමාජයක් බිහි කිරීමට පාසල තෝරා ගත යුතුයැයි මාගේ මතයයි.

ටියුශන් අනවශ්‍ය දෙයක් නොවන්නේය. නමුත් ඕනෑවට වඩා අවශ්‍ය නොවන්නේය........

Sunday, April 18, 2010

ගමේ සහ නගරය අතර වෙනස....

විශ්වවිද්‍යාල ආරම්භ වෙන්න වැඩිකාලයක් තව නෑ. මේ ගැන මට කත කරන්න හිතුනෙ ගොඩක් විශ්වවිද්‍යාලෙ ගිය අයියල අක්කකල කියන කතා අහල.

සමහරු කියන විදිහට ඇතැම් තැන් වල ගමේ ගැන්සිය සහ නගරේ ගැන්සිය ලෙස කොටස් දෙකකි.බොහෝවිට නගරේ ගැන්සියට අයිතිවෙන්නෙ කොලඹ ප්‍රදාන පාසල්වලට ගිය කණ්ඩායමයි. ඉතිරි පිරිසෙන් සමහරක් ගමේ ගැන්සිය වේ. ගමේ ගැන්සිය විසින් නගරේ ලෙස වෙන් නොකර පිරිස කිසිම දෙයකට යටත් නොවන ස්වාධීනයන් වේ. අපේ භාෂාවෙන් කිවතොත් ස්‍රඩ්ඩන්වේ.සාමාන්‍යන් කොලඹ පිරිස ඉතා අල්පවේ. ගමේ ගැන්සිය තරමක් විශාල වේ. ගමේ ගැන්සියේ පිරිස ප්‍රගතිශීලී අදහස් ඇත්තවුන්වේ. නගර කණ්ඩායමේ පිරිස ඔලුවෙන් සිටින්නෝ යැයි ගමේ පිරිස සිතති.

මේ තත්වය විශ්වවිද්‍යාල තුල පමණක් නොව වෙනත් උසස් අධ්‍යාපන ආයතනයන් තුලද දක්නට ලැබේ.
මේ තත්වය පිලිබදව සලකා බලමු. ඇත්තටම මොකද්දමේ ගමේ සහ නගරේ සීන් එක. කොලඹට කිරි අපිට කැකිරි කියල පරණ කියමනක් පවතී. ඒ අදහස ඇතැම් විට මේ සිසුන් තුලද පවතිනු ලබයි. රැග් එකට හේතුව වන්නේද මෙයමය. ඔවුනට අනුව කොලඹ කොල්ලා සහ කෙල්ල සැපට අධ්‍යාපනය ලබයි. නමුත් ගමේ කොල්ලා සහ කෙල්ල දහදුක් විද මේ ස්ථානයට පැමිණේ. සමාන ප්‍රශ්න පත්‍රයකට අසමාන ලෙස ලැබීම් ඇති අය එකම අවස්තාවක පිළිතුරු ලියයි.

මේ අයුරින් ගමේ අය දක්වන අදහස් ලිවීමට අවශයනොවේ. ඒවා ඒ තරමටම ප්‍රචලිතය.මෙසේ තත්වයන් දෙකක් ඇතිවීමට හේතුව කුමක්ද. මේ ගැටළුවට මුහුන දෙන්නෙකු ලෙස මට විවිධ අදහස් ඇත. මටනම් හැගෙන ලෙස පැහැදිලිවම ඊර්ශාවකි. ඇතැම් විට කොලඹ ප්‍රසිද්ධ පාසලක අකුරු ඉගෙනීම පාපයක් ලෙස හැගීයයි. ගැටළුව තව තවත් සංකීර්ණ වන්නේ ගැටුම් ඇතිවීම නිසාය.

මෙසේ කාණ්ඩ දෙකක් ඇතිවීමට හේතුවන කාරණා මොනවා විය හැකිද..???