විශ්වවිද්‍යාල ආරම්භ වෙන්න වැඩිකාලයක් තව නෑ. මේ ගැන මට කත කරන්න හිතුනෙ ගොඩක් විශ්වවිද්‍යාලෙ ගිය අයියල අක්කකල කියන කතා අහල.
සමහරු කියන විදිහට ඇතැම් තැන් වල ගමේ ගැන්සිය සහ නගරේ ගැන්සිය ලෙස කොටස් දෙකකි.බොහෝවිට නගරේ ගැන්සියට අයිතිවෙන්නෙ කොලඹ ප්‍රදාන පාසල්වලට ගිය කණ්ඩායමයි. ඉතිරි පිරිසෙන් සමහරක් ගමේ ගැන්සිය වේ. ගමේ ගැන්සිය විසින් නගරේ ලෙස වෙන් නොකර පිරිස කිසිම දෙයකට යටත් නොවන ස්වාධීනයන් වේ. අපේ භාෂාවෙන් කිවතොත් ස්‍රඩ්ඩන්වේ.සාමාන්‍යන් කොලඹ පිරිස ඉතා අල්පවේ. ගමේ ගැන්සිය තරමක් විශාල වේ. ගමේ ගැන්සියේ පිරිස ප්‍රගතිශීලී අදහස් ඇත්තවුන්වේ. නගර කණ්ඩායමේ පිරිස ඔලුවෙන් සිටින්නෝ යැයි ගමේ පිරිස සිතති.
මේ තත්වය විශ්වවිද්‍යාල තුල පමණක් නොව වෙනත් උසස් අධ්‍යාපන ආයතනයන් තුලද දක්නට ලැබේ.
මේ තත්වය පිලිබදව සලකා බලමු. ඇත්තටම මොකද්දමේ ගමේ සහ නගරේ සීන් එක. කොලඹට කිරි අපිට කැකිරි කියල පරණ කියමනක් පවතී. ඒ අදහස ඇතැම් විට මේ සිසුන් තුලද පවතිනු ලබයි. රැග් එකට හේතුව වන්නේද මෙයමය. ඔවුනට අනුව කොලඹ කොල්ලා සහ කෙල්ල සැපට අධ්‍යාපනය ලබයි. නමුත් ගමේ කොල්ලා සහ කෙල්ල දහදුක් විද මේ ස්ථානයට පැමිණේ. සමාන ප්‍රශ්න පත්‍රයකට අසමාන ලෙස ලැබීම් ඇති අය එකම අවස්තාවක පිළිතුරු ලියයි.
මේ අයුරින් ගමේ අය දක්වන අදහස් ලිවීමට අවශයනොවේ. ඒවා ඒ තරමටම ප්‍රචලිතය.මෙසේ තත්වයන් දෙකක් ඇතිවීමට හේතුව කුමක්ද. මේ ගැටළුවට මුහුන දෙන්නෙකු ලෙස මට විවිධ අදහස් ඇත. මටනම් හැගෙන ලෙස පැහැදිලිවම ඊර්ශාවකි. ඇතැම් විට කොලඹ ප්‍රසිද්ධ පාසලක අකුරු ඉගෙනීම පාපයක් ලෙස හැගීයයි. ගැටළුව තව තවත් සංකීර්ණ වන්නේ ගැටුම් ඇතිවීම නිසාය.
මෙසේ කාණ්ඩ දෙකක් ඇතිවීමට හේතුවන කාරණා මොනවා විය හැකිද..???
අෙප් මහ එවුන්ෙග(මැති,අැමති) ජරා වැඩ නිසා තමයි යාළුවා..
ReplyDelete