Thursday, August 16, 2012

ගාන්ධිගේ සෙරෙප්පු ජෝඩුව

 

40110609

අපි හැමෝම මහත්මා ගාන්ධි ගැන අසා තිබෙනවා. ඔහු ඉතා දක්ෂලෙස ඉංදියානු ජාතියම නිදහස් සටන වෙත යොමු කරවූ ආකාරය ඉතා ආකර්ෂණීයයි. ඒ විතරක් නෙවේ ගාන්ධි තුමාගේ අදහස් ඉතා අගනේයයි. හැමෝම දන්නා විදිහට ඔහු අවිහිංසා වාදයේ පියායි. මේ කථාව සිදුවූ කාලය ගැන නිශිචිත අදහසක් නැති වුවත් මේය ඉංදියාව යටත් විජිතයක් ලෙස පසු වූ කාලයේ සිදුවූවක්.

දිනක් මහත්මා ගාන්ධි දුම්-රියෙන් ගමනක් යමින් සිටියා. ඔහුගේ ආසනය ඉදිරියෙ වාඩිවී සිටියේ තරුණ් ඉංග්‍රීසි ජාතික මහතුන් දෙපලක්. ඔවුන් ඇත්තටම දැනගෙන හිටියේ නෑ මේ රෙද්දක් ඇගපටලවා ගත් මනුස්සයා කවුරුන්ද කියල. හැබැයි මේ ආසියානුවා ඔවුන්ගේ දුම්-රිය මැදිරියේ ගමන් කරනවාටනම් ඔවුන්ගේ හිත්තුල වැඩි කැමැත්තක් තිබුනේ නෑ. දුම්-රිය ගමන් ආරම්භ කරල ටික මොහතකින් මහත්මා ගාන්ධි තුමාට නින්ද ගියා. මේවේලාවේ අර තරුණ ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනා එකතුවෙලා මහත්මා ගාන්ධි තුමාගේ සෙරෙප්පු යුගලය ජනේලයෙන් එලියට විසිකර දැම්මා.
ඔහොම ටික වෙලාවක් ගිහින් ගාන්ධි තුමා ඇහැරිලා බලද්දි සෙරෙප්පු ජෝඩුව නෑ (M). ටික වෙලාවක් එහෙ මෙහෙ බලල අන්තිමට අර තරුණ ඉංග්‍රීසි ජාතිකයො දෙන්නගෙන් ඇහුව "මගේ සෙරෙප්පු ජෝඩුව දැන් මෙතන තිබුන ඒදෙක ඔය දෙන්න දැක්කද"  කියල. අරදෙන්න හිනාවෙලා එහෙම කියනව "ආආ  ඒ දෙක ඔය ජනේලෙන් බැහැල යන්න ගියා" කියල.

දැන් ඉතින් මොකාට කියන්නද? ගාන්ධි තුමාත් හා කමක් නෑ කියල පාඩුවේ පත්තරයක් බලන්න පටන් ගත්ත. දැන් අර මිනිස්සු දෙන්නට ටිකක් තරහයි. ඇයි සෙරෙප්පු දෙක විසිකලා කියල මේ මනුස්සයට ගානක්වත් නෑනේ. ඔන්න ඔහොම යද්දි ටිකකින් මේ දෙන්නත් නිදා ගත්ත. ඔය අතරේ ගාන්ධි දකිනව  මේ දෙන්නගෙ කෝට් දෙක ආසනේ ගාව එල්ලල තියනව. ගන්ධි ඒදෙක ජනේලයෙන් එලියට විසික් කරල සුපුරුදු විදිහට පත්තරේ කියවන්න පටන් ගන්නව.

ටිකකින් ඔන්න මේ තරුණ ඉංග්‍රීසි ජාතිකයො දෙන්න ඇහැරිලා බලද්දි කෝට් දෙක නෑ. පේන හරියෙන් මනුස්සයෙකුට කියලඉන්නෙ මේ වැරහැල්ලක් ඇදගත්තු මනුස්සය විතරක් නිසා, මේදෙන්න ගාන්ධිගෙන් අහනව "කෝ අපේ කෝට් දෙක?". එතකොට ගාන්ධි ඇගට පතට නොදැනී උත්තර දෙනව "ආආ කෝට් දෙකද? ඒ දෙක ගියා මගේ සෙරෙප්පු දෙක එක්කන් එන්න" කියල.

මේ කතාවේ තියන හාත්ස්‍ය උපදවන ගතියට වඩා බොහෝ වැදගත් වෙන්නේ මේ කතාවේ තියන සැගවුණු අරුතයි. ඒ අදහස තේරුම් ගැනීම නොගැනීම කියවන්නාගේ කැමැත්තයි.

ටිංටිංගේ සුභ පැතුම


images
ටිංටිං කිව්වම අපි හැමෝම මේ හාදයව දුරනවනේ. මේ කියන කථාවත් ටිංටිං මුල් කරගෙන තමයි. ඔන්න එහෙනම් මේකයි කථා වස්තුව.
PD*29966910
නීල් ආම්ස්ට්‍රෝංග් කියන්නෙ මුලින්ම හදට ගොඩ බැහැපු පුද්ගලයනෙ. ඔන්න නීල් මහත්තය හඳ ගමන ඉවර කරල ගෙදර ආවලු ටික කාලයක් විවේකීව ඉන්න. මේ මහත්තට ලෝකයේ නන් දෙසින් ඔය කාලෙ ලියුම් එනවලු සුභ පතල, ආදරේ ප්‍රකාශ කරල, ආශිර්වාද කරල ඔන්න ඔය වගේ සීන් ගොඩයිලු. ඔන්න මේයා ලියුම් බල බල ඉද්දි ඒ ලියුම් ගොඩේ තිබුනලු පෝස්ට් කාර්ඩ් ඒකක්, එහෙමත් නැත්නම් තැපැල් පතක්. මේක ටිකක් විශේෂයි වගේ කියල හිතුන නිසා මෙයා මේක අතට අරගෙන බැලුවලු. ලියුම එවල තියෙන්නෙ ටිංටිං ලු. මාර කේස් එක නේද?
තැපැල් පතේ තියනවලු මෙන්න මේ විදිහට
"නීල් ආම්ස්ට්‍රෝංග් මහත්මයා වෙත,
ඔබ පරාදයි. ඇත්තටම ඔබට කලින් සඳ මතට පාතැබුවේ මමයි. කොහොම වුනත් ඔබට මගේ සුබ පැතුම්..!!
-ටිංටිං –"
tintin
ඇපලෝ 11හේ හඳට ගිය නීල් මහත්තය 1969 ජූලි 21 වෙනිද හඳට පා තැබූ පලමු ලෝකවාසියා වුනා. ඒත් ජොර්ජ් ප්‍රොස්පර් රේමි නැත්නම් හර්ජ් ටිංටිං ව හඳට යවා තිබෙන්නෙ 1953 දිය. ඇත්තටම බැලුවොත් නීල් ආම්ස්ට්‍රෝංග් පරාදය. ඔහුට කලින් හඳට ගොඩබැස්සේ ටිංටිංය. හර්ජ් ටිංටිංව හඳට යැව්වේ "Explorers on the Moon"  නැමැති ටිංටිං කථාමාලාවේ කෘතියෙන් 1953 දීය. හර්ජ් එහිදී සඳ පිලිබදව දක්වා තිබූ අදහස් බොහෝමයක් ඇත්තය. ඒවා පසුව සැබැවින්ම සඳට ගොඩබට නීල් ආම්ස්ට්‍රෝංග් සැබැවින්ම විදගත්තේය.
images (1)
ලෝ පතල ටිංටිං චිත්‍ර කථාවේ කතුවරයා නීල් ආම්ස්ට්‍රෝංග්ට සුභ පතා තිබුනේ ඔය ආකායටය.

Sunday, October 23, 2011

මහ පාරේ මියගිය ලෝක නායකයා හා අපි

 

4737700

නායකයෙකු යනු පිරිසක් මෙහෙය වන්නා වූ අයෙක් ය. සෑම අයෙකුම දන්නා පරිදි ලිබියා නායක මුහම්මර් ගඩාෆි මහ පාරේ බල්ලෙක් මෙන් මරාදමා අවසන්ය. ලොව කිසිම කටක් ඔහු වෙනුවෙන් විවර වුයේ නැත.

ගඩාෆි ලිබියාව වසර 40 යකටත් වඩා එරට පාලනය කලේය. ඔහු රාජ්‍ය බල අල්ලා ගනු ලබූයේ කිසිම ලේ වගුරුමකින් තොරවය. ඔහු බලය අල්ලා ගනු ලබන විට ලිබියාව යන්තමින් එලිය බලන්නට තැත්කරනා කාලයක පසුවිය. අඩුම තරමේ ඒරටේ මිනිසුන්ගෙන් බොහෝ පිරිසකට නිසි නිවසක්වත් නැතිවිය. එවකට ලිබියාවේ සාක්ෂරතාවය 25% ක් තරම් අඩු අගයක් විය. නමුත් අද වනවිට ලිබියාවේ 25% ක් දෙනාම උපාධි දාරීන්ය. තත්වය මේසෙනම් ගඩා‍ෆි එරට දියුනු නොකෙරූ නායකයෙකු බව නියන්නේ කෙසේද?

ගඩා‍ෆි සදාම් හුසෙන් මෙන් මිනිසුන් බුරුතු පිටින් වදදී නොමැරූ නායක්යෙක් විය. ඔහු රාජ්‍ය පාලනය අල්ලා ගනු ලැබූවේ කිසිම ලේ වැගිරීමක් නොකරය. නමුත් ඔහුව මරා දැමූවේ මහපාරේ යන බල්ලෙකු මරනවා සේය. එම රටේ රට්‍ටුන්ගේ හැදියාව එමගින් මනාව පැහැදිලිවනවාය. ගඩා‍ෆි හොද මිනිසෙකු නොවනවා විය හැකිය. නමුත් ඔහු රාජ්්‍ය නායකයෙක් විය. ඒ නිසාම ඔහුගේ මරනය ඔහුට උචිත නැත.

ඇමරිකාව ඇතුලු බටහිර රටවල් සිය අදිරාජ්‍ය පතුරුවාලීම අරභා අවසන්ය.  තවමත් චීනය සහ රුසියාව නිහඩය. ලෝකය දැන් අවිනිශ්චිත තත්වයක පවතින්නේය. ඇමරිකන් කාරය අපරටටද රබර් ඇස දමන්නා වූ දිනය වැඩි ඈතක නොවනු ඇත. අපිද පරිස්සම් විය යුතුය. ගඩා‍ෆි ලොව කිසිම රටකට ණය නැති ලිබියාවක් බිහිකලේය. ඒ නිසා ඇමරිකාවට තම හිතුමතේට ඒ රට පාලනය  කල නොහැකි විය. අපිනම් සතර අතේ ණයය. ඒ නිසා අපිට සිදුවන්නේ වැල යන පැත්තට මැස්ස බැදීමටය.

මුහම්මර් ගඩා‍ෆි හොද වූවත් නැතත්, රටක නායකයෙකු, ඇමරිකන් හා බටහිර විරෝධියෙකු, ලෙස සිතා ඔහුට නිවන්සුව.

Wednesday, October 19, 2011

පන්සලේ Loveඩ්ස්පීකරේ.



මේ පෝස්ට් එක නිසා මම අපේ බෞද්ධ ආගම නිගා කරන්නෙක් කියල ඇතමෙක්ගේ හිතට දැනෙන්නට පුලුවන්. ඒක තමා මේ ගැන කතාකරන හැමදෙනාටම වෙන්නෙ. ඒත් කරන්න දේයක් නෑ. මට මේ ගැන අදහසක් කියන්නම කියල හිත කියනව.

මුලින්ම පන්සල ගනිමුකො. පන්සල කියන්නෙ ඇත්තටම නිදහස්, නිහඩ පරිසරයක් තිබ්ය යුතු තැනක්. දැන් තේරෙනව ඇතිනෙ මම මේ කියන්නෙ යන්නෙ මොකක්ද කියල.

අපේ ගේ කිට්ටුව පන්සල් ගොඩයි. ගෙදරට මීටර කීපයක් එහායින් එකලග පන්සල් දෙකයි. පන්සල් දෙක තාප්පෙකින් වෙන්වෙලා තියෙන්නෙ. හිතා ගන්න පුලුවන්නෙ ලොකු හාමුදුරුවරුන්ගෙ තරම. අපි අපේ භාෂාවට කියන්නෙ ලොකු පන්සලයි පොඩි පන්සලයි කියල.


මට මතක ඇති කාලෙක හවස හතරෙන් පස්සෙ කවමදාවකවත් කනක් ඇහිල ඉදල නෑ. සෑම දිනකම සවස 4න් පස්සෙ පටන් ගන්න පන්සලේ සද්දය අයේ ඉවර වෙන්න රෑ 8 පහුවෙලාය. කඨිනය කාලයටනම් ඉදලා හමාරය. පාඩම් කරන ළමයාට ඒ සදහා කවමදාවක් ඉඩ නැත. අපි මුස්ලිමුන්ට බනින්නේ අන්න තම්බියා පල්ලියේ අල්ලා කියා කෑගහනවා කියාය (මුස්ලිම් සහෝදරයිටවත් ආගමටවත් නිගා නොකලමි.). ඔවුන් අපිට බනිනව නැත්තේද අන්න අරුන් බුද්ධා කියා කෑගහනවා කියාය.

ඇතතටම පන්සලට ශබ්ද්ද විකාශනයක ඕනෑමද? මේ ස්ථානයේ ලොකු ප්‍රශ්නාර්තයකි. මහා හයියෙන් බන දෙසන්න ඕනෑමද? ඇත්තටම කියනවානම් පන්සල දැන් මහත් හිසරදයකි. පෝයටවත් දැන් පන්සලට යන්නට හිතේන්නේද නැත. පන්සලට එරහිව නීතියක්ද නැත. කාට කියන්නද ඉතින්.

බුදුන් දේසූ සුනිමල දහම දැන් දක්නට අමාරුය. සංඝයා කෙලිනා පිස්සු දැක්කාම කසාවතට හිසනමා වදින්නටද ලැජ්ජය. සමහරු සෝවාන් වෙලාය. ඒ තමාගේම අසපුවේ ඒසී කාමරය තුලදීය. ඇතැම්විට ඒසී කාමරය නේරංජනා නදිය අසබඩට සමකර සිතලා නිසාද කියා මට හිතේ. කම් සැප අතහැර ආවානම් සංඝයා එය නැවත පරිහරනය නොකල යුතුය.



තවමත් ලව්ඩ්ස්පීකර් නැති සිය කට හඩින් දහම් දෙසන, ඒසී වාහනයේ නැතුව පයින් හෝ පුට්සයිකලයෙන් වඩින, මහල් තුනේ නිවසට මෙන්ම එක මහලක්වත් නැති නිවසට වඩින උත්තරීතර සංඝ පරපුරක් ලංකාවේ නැත්තේමද නොවේ. ඔවුනට මගේ උපහාරය. නමුත් ඇතිවෙමින් පවතින ගණින්නාන්සේ පරපුරනම් නැවැත්විය යුතුමය. නැත්නම් අපේ බුදු දහම අනතුරේය.



Monday, October 10, 2011

අප්‍රසාදය හරහා අරුම - පුදුම නගරාණ්තර සීග්‍රගාමී සේවය.


කාලයක්ම මම මගේ බ්ලොගය නොලිය හිටිය. ඇත්තටම වේලාව මදිකම තමා හේතුව. අදනම් ලියනවමයි කියල ඔලුවේ ලොකු අදසක තිබුන.

බස් රථය ගැන ලියන්නනම් අගක් මුලක් හොයා ගන්න අමාරුයි. ඒත් කොහොම අහරි ලියනන්න වෙනව.

බස් එකකට නැග්ගම ඒක ඇතුලෙ නානාප්ප්‍රකාරයේ මිනිසුන් ඉන්නව. සමහරු තමන්ගේ ලෝකයේ තනිවෙලා, සමහරු දොයි, සමහරු කාටහරි ට්‍රයි. ඔන්න ඔහොම වැඩ ගොඩයි. ඒ අස්සෙ කොන්දොස්තර ටිකට් කඩයි. ආආආආ අමතක් වුනා. ඇයි රේඩියෝව... අෆ්ෆා නොනවත්තා කෑ ගහනව.




ඇත්තටම මටනම් බස් කියන සද්දෙ ඇහෙනකොටත් ටිකක් ඔක්කාරෙට එනව. ඒක මට විතරක් නෙමේ, හැමෝටම පොදු දෙයක්. මම මේ බ්ලොග් එකේම මේ ගැන එකක් කලින් ලිව්ව. ඒත් ආයෙමත් මට කියන්න හිතුනෙ ඒ ගැන තියන අප්පිරියාව නිසාමයි.

ඇත්තටම ලංකාව ගත්තොත්, අපේ රටේ බස් සේවාව අන්තිමයි. මිනිහෙක් බස් එකට නැග්ගවේලාවේ ඉදල විගින්නෙ දුක. ඒහාට තෙරපෙනව මෙහාට තෙරපෙනව. කොන්දොස්තර ඉස්සරහට නැගල කෑ ගහනව "පස්සට යන්න පස්සට යන්න" කියල, ආයෙ පස්සෙන් නැගල කෑ ගහනව ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කියල.

වායුසමීකරනය කරපු බස් එකකක ගියත් ඒ සෙත එහෙම්මමයි. ඒවායේ මිනිස්සු හිටගෙනද යයි. :O හිටගෙන ගියත් ඉදගෙන ගියත් ඒ දෙපාර්ෂවයෙන්ම අයකරනා ගස්තුවනම් වෙනස් වන්නෙ නෑ.

ඒ මදිවාට හැමතිස්සේම මාරු සල්ලි නැහැ. මාරු සල්ලි නැති මුවාවෙන් හැම තිස්සෙම ඉතිරි නොදී මාරු වෙයි. මහ බැංකුවම සුද්ද කරත් බස් කොන්දොස්තර ගාව මාරු සල්ලීනම් නැහැ.

ඇනිත් ගැටලුව කියන්නෙ බස් එකට නගිනකොට තියන හොද මුහුන සහ බහින කොට තිබෙන යක්ෂ වේශයයි. බස් එකට නගින විට හිනාවෙලා නවත්තල නග්ග ගත්තත්, බහින කොට බහින්න බස් එක නවත්වන්නේවත් නැහැ....

පුදුමයනම් කොච්චර නැග්ගත් බස් එකේ ඉඩ නැති නොවීමයි.

බස් යන්නේ මිනිසුට ඕනෑ වේලාව නෙමේ, ඔවුන්ට ඕනෑ වේලාවටය. රෑටනම් ප්‍රයිවට් බසයක් හොයාගන්නනවත් නැත. රෑට ඇත්තේ හැමදාමත් බැනුම් අහන ලංගම පමණය. බස් යනු වෙනම ලෝකයකි. එහි ඇත්තේ ඔවුන්ගේම නීතිය, රීතිය, ඒවා වෙනස් කර, මහජන හිතකාමී බස් සේවාවක් ඇති කිරීමට කාට හරි පුලුවන්නම්, ඒය ඉතාමත් අගනා කාරනයක් වේ.

මේවා තමා ඉතිං කියන්න තියෙන්නෙ. කිසිම කෙනෙක් කවම දාවත් බස් සේවාව ගැන හොදක් කියනවා මම අහල නෑ. ඒ විඩිහට හොද වචනයක් අහන තැනට බස් සේවාව එනකොට අපි මේලෝකෙ නැතිවෙයි, ඒ වගේම ඒ කාලෙට බස් මහපොලොවේ දාවනය නොවන ඒවා වෙයි.