මේ පෝස්ට් එක නිසා මම අපේ බෞද්ධ ආගම නිගා කරන්නෙක් කියල ඇතමෙක්ගේ හිතට දැනෙන්නට පුලුවන්. ඒක තමා මේ ගැන කතාකරන හැමදෙනාටම වෙන්නෙ. ඒත් කරන්න දේයක් නෑ. මට මේ ගැන අදහසක් කියන්නම කියල හිත කියනව.
මුලින්ම පන්සල ගනිමුකො. පන්සල කියන්නෙ ඇත්තටම නිදහස්, නිහඩ පරිසරයක් තිබ්ය යුතු තැනක්. දැන් තේරෙනව ඇතිනෙ මම මේ කියන්නෙ යන්නෙ මොකක්ද කියල.
අපේ ගේ කිට්ටුව පන්සල් ගොඩයි. ගෙදරට මීටර කීපයක් එහායින් එකලග පන්සල් දෙකයි. පන්සල් දෙක තාප්පෙකින් වෙන්වෙලා තියෙන්නෙ. හිතා ගන්න පුලුවන්නෙ ලොකු හාමුදුරුවරුන්ගෙ තරම. අපි අපේ භාෂාවට කියන්නෙ ලොකු පන්සලයි පොඩි පන්සලයි කියල.
මට මතක ඇති කාලෙක හවස හතරෙන් පස්සෙ කවමදාවකවත් කනක් ඇහිල ඉදල නෑ. සෑම දිනකම සවස 4න් පස්සෙ පටන් ගන්න පන්සලේ සද්දය අයේ ඉවර වෙන්න රෑ 8 පහුවෙලාය. කඨිනය කාලයටනම් ඉදලා හමාරය. පාඩම් කරන ළමයාට ඒ සදහා කවමදාවක් ඉඩ නැත. අපි මුස්ලිමුන්ට බනින්නේ අන්න තම්බියා පල්ලියේ අල්ලා කියා කෑගහනවා කියාය (මුස්ලිම් සහෝදරයිටවත් ආගමටවත් නිගා නොකලමි.). ඔවුන් අපිට බනිනව නැත්තේද අන්න අරුන් බුද්ධා කියා කෑගහනවා කියාය.
ඇතතටම පන්සලට ශබ්ද්ද විකාශනයක ඕනෑමද? මේ ස්ථානයේ ලොකු ප්‍රශ්නාර්තයකි. මහා හයියෙන් බන දෙසන්න ඕනෑමද? ඇත්තටම කියනවානම් පන්සල දැන් මහත් හිසරදයකි. පෝයටවත් දැන් පන්සලට යන්නට හිතේන්නේද නැත. පන්සලට එරහිව නීතියක්ද නැත. කාට කියන්නද ඉතින්.
බුදුන් දේසූ සුනිමල දහම දැන් දක්නට අමාරුය. සංඝයා කෙලිනා පිස්සු දැක්කාම කසාවතට හිසනමා වදින්නටද ලැජ්ජය. සමහරු සෝවාන් වෙලාය. ඒ තමාගේම අසපුවේ ඒසී කාමරය තුලදීය. ඇතැම්විට ඒසී කාමරය නේරංජනා නදිය අසබඩට සමකර සිතලා නිසාද කියා මට හිතේ. කම් සැප අතහැර ආවානම් සංඝයා එය නැවත පරිහරනය නොකල යුතුය.
තවමත් ලව්ඩ්ස්පීකර් නැති සිය කට හඩින් දහම් දෙසන, ඒසී වාහනයේ නැතුව පයින් හෝ පුට්සයිකලයෙන් වඩින, මහල් තුනේ නිවසට මෙන්ම එක මහලක්වත් නැති නිවසට වඩින උත්තරීතර සංඝ පරපුරක් ලංකාවේ නැත්තේමද නොවේ. ඔවුනට මගේ උපහාරය. නමුත් ඇතිවෙමින් පවතින ගණින්නාන්සේ පරපුරනම් නැවැත්විය යුතුමය. නැත්නම් අපේ බුදු දහම අනතුරේය.


