Wednesday, October 19, 2011

පන්සලේ Loveඩ්ස්පීකරේ.



මේ පෝස්ට් එක නිසා මම අපේ බෞද්ධ ආගම නිගා කරන්නෙක් කියල ඇතමෙක්ගේ හිතට දැනෙන්නට පුලුවන්. ඒක තමා මේ ගැන කතාකරන හැමදෙනාටම වෙන්නෙ. ඒත් කරන්න දේයක් නෑ. මට මේ ගැන අදහසක් කියන්නම කියල හිත කියනව.

මුලින්ම පන්සල ගනිමුකො. පන්සල කියන්නෙ ඇත්තටම නිදහස්, නිහඩ පරිසරයක් තිබ්ය යුතු තැනක්. දැන් තේරෙනව ඇතිනෙ මම මේ කියන්නෙ යන්නෙ මොකක්ද කියල.

අපේ ගේ කිට්ටුව පන්සල් ගොඩයි. ගෙදරට මීටර කීපයක් එහායින් එකලග පන්සල් දෙකයි. පන්සල් දෙක තාප්පෙකින් වෙන්වෙලා තියෙන්නෙ. හිතා ගන්න පුලුවන්නෙ ලොකු හාමුදුරුවරුන්ගෙ තරම. අපි අපේ භාෂාවට කියන්නෙ ලොකු පන්සලයි පොඩි පන්සලයි කියල.


මට මතක ඇති කාලෙක හවස හතරෙන් පස්සෙ කවමදාවකවත් කනක් ඇහිල ඉදල නෑ. සෑම දිනකම සවස 4න් පස්සෙ පටන් ගන්න පන්සලේ සද්දය අයේ ඉවර වෙන්න රෑ 8 පහුවෙලාය. කඨිනය කාලයටනම් ඉදලා හමාරය. පාඩම් කරන ළමයාට ඒ සදහා කවමදාවක් ඉඩ නැත. අපි මුස්ලිමුන්ට බනින්නේ අන්න තම්බියා පල්ලියේ අල්ලා කියා කෑගහනවා කියාය (මුස්ලිම් සහෝදරයිටවත් ආගමටවත් නිගා නොකලමි.). ඔවුන් අපිට බනිනව නැත්තේද අන්න අරුන් බුද්ධා කියා කෑගහනවා කියාය.

ඇතතටම පන්සලට ශබ්ද්ද විකාශනයක ඕනෑමද? මේ ස්ථානයේ ලොකු ප්‍රශ්නාර්තයකි. මහා හයියෙන් බන දෙසන්න ඕනෑමද? ඇත්තටම කියනවානම් පන්සල දැන් මහත් හිසරදයකි. පෝයටවත් දැන් පන්සලට යන්නට හිතේන්නේද නැත. පන්සලට එරහිව නීතියක්ද නැත. කාට කියන්නද ඉතින්.

බුදුන් දේසූ සුනිමල දහම දැන් දක්නට අමාරුය. සංඝයා කෙලිනා පිස්සු දැක්කාම කසාවතට හිසනමා වදින්නටද ලැජ්ජය. සමහරු සෝවාන් වෙලාය. ඒ තමාගේම අසපුවේ ඒසී කාමරය තුලදීය. ඇතැම්විට ඒසී කාමරය නේරංජනා නදිය අසබඩට සමකර සිතලා නිසාද කියා මට හිතේ. කම් සැප අතහැර ආවානම් සංඝයා එය නැවත පරිහරනය නොකල යුතුය.



තවමත් ලව්ඩ්ස්පීකර් නැති සිය කට හඩින් දහම් දෙසන, ඒසී වාහනයේ නැතුව පයින් හෝ පුට්සයිකලයෙන් වඩින, මහල් තුනේ නිවසට මෙන්ම එක මහලක්වත් නැති නිවසට වඩින උත්තරීතර සංඝ පරපුරක් ලංකාවේ නැත්තේමද නොවේ. ඔවුනට මගේ උපහාරය. නමුත් ඇතිවෙමින් පවතින ගණින්නාන්සේ පරපුරනම් නැවැත්විය යුතුමය. නැත්නම් අපේ බුදු දහම අනතුරේය.



Monday, October 10, 2011

අප්‍රසාදය හරහා අරුම - පුදුම නගරාණ්තර සීග්‍රගාමී සේවය.


කාලයක්ම මම මගේ බ්ලොගය නොලිය හිටිය. ඇත්තටම වේලාව මදිකම තමා හේතුව. අදනම් ලියනවමයි කියල ඔලුවේ ලොකු අදසක තිබුන.

බස් රථය ගැන ලියන්නනම් අගක් මුලක් හොයා ගන්න අමාරුයි. ඒත් කොහොම අහරි ලියනන්න වෙනව.

බස් එකකට නැග්ගම ඒක ඇතුලෙ නානාප්ප්‍රකාරයේ මිනිසුන් ඉන්නව. සමහරු තමන්ගේ ලෝකයේ තනිවෙලා, සමහරු දොයි, සමහරු කාටහරි ට්‍රයි. ඔන්න ඔහොම වැඩ ගොඩයි. ඒ අස්සෙ කොන්දොස්තර ටිකට් කඩයි. ආආආආ අමතක් වුනා. ඇයි රේඩියෝව... අෆ්ෆා නොනවත්තා කෑ ගහනව.




ඇත්තටම මටනම් බස් කියන සද්දෙ ඇහෙනකොටත් ටිකක් ඔක්කාරෙට එනව. ඒක මට විතරක් නෙමේ, හැමෝටම පොදු දෙයක්. මම මේ බ්ලොග් එකේම මේ ගැන එකක් කලින් ලිව්ව. ඒත් ආයෙමත් මට කියන්න හිතුනෙ ඒ ගැන තියන අප්පිරියාව නිසාමයි.

ඇත්තටම ලංකාව ගත්තොත්, අපේ රටේ බස් සේවාව අන්තිමයි. මිනිහෙක් බස් එකට නැග්ගවේලාවේ ඉදල විගින්නෙ දුක. ඒහාට තෙරපෙනව මෙහාට තෙරපෙනව. කොන්දොස්තර ඉස්සරහට නැගල කෑ ගහනව "පස්සට යන්න පස්සට යන්න" කියල, ආයෙ පස්සෙන් නැගල කෑ ගහනව ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කියල.

වායුසමීකරනය කරපු බස් එකකක ගියත් ඒ සෙත එහෙම්මමයි. ඒවායේ මිනිස්සු හිටගෙනද යයි. :O හිටගෙන ගියත් ඉදගෙන ගියත් ඒ දෙපාර්ෂවයෙන්ම අයකරනා ගස්තුවනම් වෙනස් වන්නෙ නෑ.

ඒ මදිවාට හැමතිස්සේම මාරු සල්ලි නැහැ. මාරු සල්ලි නැති මුවාවෙන් හැම තිස්සෙම ඉතිරි නොදී මාරු වෙයි. මහ බැංකුවම සුද්ද කරත් බස් කොන්දොස්තර ගාව මාරු සල්ලීනම් නැහැ.

ඇනිත් ගැටලුව කියන්නෙ බස් එකට නගිනකොට තියන හොද මුහුන සහ බහින කොට තිබෙන යක්ෂ වේශයයි. බස් එකට නගින විට හිනාවෙලා නවත්තල නග්ග ගත්තත්, බහින කොට බහින්න බස් එක නවත්වන්නේවත් නැහැ....

පුදුමයනම් කොච්චර නැග්ගත් බස් එකේ ඉඩ නැති නොවීමයි.

බස් යන්නේ මිනිසුට ඕනෑ වේලාව නෙමේ, ඔවුන්ට ඕනෑ වේලාවටය. රෑටනම් ප්‍රයිවට් බසයක් හොයාගන්නනවත් නැත. රෑට ඇත්තේ හැමදාමත් බැනුම් අහන ලංගම පමණය. බස් යනු වෙනම ලෝකයකි. එහි ඇත්තේ ඔවුන්ගේම නීතිය, රීතිය, ඒවා වෙනස් කර, මහජන හිතකාමී බස් සේවාවක් ඇති කිරීමට කාට හරි පුලුවන්නම්, ඒය ඉතාමත් අගනා කාරනයක් වේ.

මේවා තමා ඉතිං කියන්න තියෙන්නෙ. කිසිම කෙනෙක් කවම දාවත් බස් සේවාව ගැන හොදක් කියනවා මම අහල නෑ. ඒ විඩිහට හොද වචනයක් අහන තැනට බස් සේවාව එනකොට අපි මේලෝකෙ නැතිවෙයි, ඒ වගේම ඒ කාලෙට බස් මහපොලොවේ දාවනය නොවන ඒවා වෙයි. 


Wednesday, July 28, 2010

අනුන්ට shopping කිරීම නොහොත් කඩේ යාම



නිදහස් අධ්‍යාපන ලබා ඉන් ලැබෙන්නා වූ යහපත නිසියාකාරයෙන් ලබා ගැනීමට අපොහොසත් වන පව්කාරයින් කීප දෙනෙකි. මේ වකවානුවේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ රුහුණු සරසවියේ සිසුවෙකු මියයෑමේ සිද්ධියයි. සැබැවින්ම තරමක් කතා බහට ලක්විය යුතු කාරනාවකි. පලමු වසරේ සිට විශ්වවිද්‍යාලය තෙක් පැමිනෙණ සිසුවාට රජය කොතරම් ධනයක් වියදම් කර තිබෙනවාද? පොත පතට ඇදුමට කෑමට ආදී මෙකී නොකී බොහෝ දෙයකට වියදම දරනු ලබයි. ඒ රටේ පැහැදිලි අනාගතයක් උදෙසා මේ සිසුවා යොදවා ගැනීමටයි.


Friday, July 23, 2010

I am සිරිමල් from Sri ලංකා


මේක මම අහපු කථාවක්. මගේ නිර්මාණයක් නම් නෙමේ. අපේ ජාතිය පහත් කොට සැලකීමකුත් නෙමේ. මෙන්න මේකයි සිද්ධිය.... එක්තරා දවසක අපේ රටේ ජාතිකයෙකු නැතිනම් ශ්‍රි ලාංකිකයෙකු පිටරටක් බලායන්න ගුවන්යානයකට ගොඩ වෙනව. කොහොමින් කොහොමින් හරි ගුවන්යාන ය ගුවන්ගත වෙනව. මේ අපේ කථා නායකයාට එහා පැත්තෙන් වාඩිවී යන්නේ එංගලන්ත ජාතිකයෙක්. ටිකක් දුර ඔහොම යද්දි මේ එංගලන්ත ජාතිකයාට කිවිසුමක් නැත්නම් හචිමක් යනව.

එවිට ඔහු මේ අපේ ශ්‍රී ලාංකිකයා දිහාවට හැරී මද සිනාවකුත් සමග කියනව....

"Sir i am suffering from Influenza...."

එතකොට අපේ ශ්‍රී ලාංකිකයා නැත්නම් අපේ කථා නායකයා මේ එංගලන්ත ජාතිකයා දිහාවට හැරිල මද සිනාවක් සමග මෙහෙම ප්‍රතිචාර දක්වනව....

" I am Sirimal from ශ්‍රි ලංකා...."

Friday, July 16, 2010

සාහිත්‍යමය ඇසකින් කියවා බලන්න....

මේ කවි පෙල කියවා බලන්න. රාවය පත්‍රයක පලවී තිබුණු මෙය එක්තරා වූ ශෛලියක එලි දැක්වීමකි. වල් කමකින් තොරව සාහිත්‍යමය ඇසකින් කියවා බලන්න. බැලූ බැල්මට මෙහි ඇති සාහිත්‍යයක්නම් නොමැත. නමුත් මට හැගෙන පරිදි අප සමාජයේ ගැබුරු පැතිකඩක් මින් විදහා දක්වයි. වැදගත් වන්නේ එම පැතිකඩ නිරීක්ෂණය කිරීමයි.



නැගණියට මංගල දැන්වීමක්


ඈ උපන්නේ හැත්තෑ හතේදීය
උතුමාණන් මේක සිංගප්පූරැවක්‍ කොරාපු දාය


ඈ වැඩිවිය පත්වූණේ අසූ නමේදීය
වි‍ජේවීර ඇල්ලූ පුවත ටී. වී එකේ යද්දී
අම්මා මට ඒ ආරංචිය ඇවිත් කීවාය
ඔහුගේ සිරැරින් ලේ ගැලූ නිමේෂයේම
මල්වර රැධි‍රය ඇගේ කලවා තෙත් කළේය

ඈ භද්‍ර යෞවනයට පිය නැඟූ මල්වර නැකත
ඔහුගේ මරැ නැකත විය

දැන් දෙදාස් තුනය
ඈට දැන් අවුරැදු විසි හයකි

ඇගේ දෙපා ඩිජිටල්ය
ස්කෑන් කර බැලුවත්
වැලි කැටයක පලුද්දක් නැත
ඇගේ දෙතන බෙත්ම සිලිකන්ය

මිනි ටී එකෙන් ඈත් මෑත් වන
නැබතුර ඩීවීඩී කොලිටිය
ඈ දෑත් හයි රිසලුෂන්ය
මයි‍ක්‍රොමිනිය තුළ තෙරපෙන නිතඹ මල්ටි මීඩියාය

ඇගේ වත නම් වී.එම්. එස් ය
ඇගේ කට හඬ එෆ්. එම් ය
ඔලුව වෑල් ය
හදවත ට්‍රැකින් වේ
(හැදුවට වැඩක්ම නැත)
ඇගේ ආත්මයේ ෆන් ගස් බැඳී ඇත
ඉපනැල්ලක්වත් නැති ඈ කිහිලි
ඩි‍ඔචරන්ට් ගඳය
ඇගේ පෑන්ටිය C.K ය
එහෙත්
අම්මා පල්ල ඇතුළ ජාතික චින්තනය

ඈ මගේ නංගීය
මා ඈ ගැන බැලිය යුතුමය
ඉතින් ඇනලොග් නාකියෙක් හෝ
ඩිජිටල් මෝඩයෙක් සොයමි
ඩිජිටල් නම් සුළු ආබාධයක් තිබුණද කම් නැත
ඇනලොග් නම් දික්කසාද

දරැවන් නැති අය ඉල්ලන්න

- කේ කේ සමන් කුමාර