Wednesday, April 10, 2013

Decca කරපු වරද

 

The_Beatles

Decca කියන්නේ ලෝකේ තියන ප්‍රසිද්ද සංගීත පිළිබද කටයුතු කරන සමාගමක්. 1929 පටන් ගත්ත Decca එංගලන්තය මුලික කරගෙන කටයුතු කරගෙන ගිය සමාගමක්. ඒ වුනාට දැන්නම් අයිති කාරයෝ ඇමරිකාව.

හිතන විදිහට හැමෝම අහල ඇති Beatles සංගීත කණ්ඩායම ගැන. Beatles එංගලන්තයේ තමයි පටන් ගන්නේ. ඒ වුනාට පස්සේ කාලෙකදී ලෝකයේ ප්‍රසිද්දම සංගීත කණ්ඩායමක් වෙනවා. 60 දශකයෙන් පස්සේ තවමත් ලෝකයේ ජනප්‍රියම සංගීත කණ්ඩායම.

කතාව මේකයි. 1962 මුල්කාලේ Beatles එයාලගේ පලවෙනි සංගීත ඇල්බමය එලි දක්වන්න හදනවා. එතකොට මෙයාල Famous නැහැ. පොඩි සංගීත කණ්ඩායමක් කව්රුවත් දන්නේ නැති. Beatles ල හිතවා Decca  එක්ක එකතු වෙලා පලවෙනි ඇල්බමය එලි දක්වන්න. එයාල Decca එකට දෙන්න සිංදු 15ක් Record කරගෙන යනවා. ඒ වුනාට Beatles ලට වෙන්නේ අකුලාගෙන ආපහු එන්න. Decca කියනවා “මොන බහුබුතයක්ද මේ, අපිට මේවා කරන්න බෑ”  කියල. ඒක ලෝකේ අවාසනාවන්තම ප්‍රතික්‍ෂේප කිරීමක්. මොකද Decca හීනෙකින්වත් හිතන්න නැතුව ඇති Beatles කවදා හරි ලෝකේ ජනප්‍රියම සංගීත කණ්ඩායම වෙලා ලෝකයම හොල්ලයි කියල.

ජිවිතයේ අනුමත කිරීම් වලට වඩා ප්‍රතික්‍ෂේප කිරීම් වැඩි. අපිව ප්‍රතික්ෂේප වුනාට සැලෙන්න හොද නෑ. මොකද කවදා හරි කව්රු හරි අපිව Accept කරයි. එදාට අපිව ප්‍රතික්ෂේප කරපු උදවිය ඒ ගැන දුක්වෙයි. ඒක තමයි කොල්ලටනම් හිතෙන්නේ මේ කතාව ඇහුවම.

1 comment:

ඇදහසක් දාල යන්න. ගොඩක් වටිනව. Use your own language. Really appreciate it.