Thursday, August 16, 2012

ටිංටිංගේ සුභ පැතුම


images
ටිංටිං කිව්වම අපි හැමෝම මේ හාදයව දුරනවනේ. මේ කියන කථාවත් ටිංටිං මුල් කරගෙන තමයි. ඔන්න එහෙනම් මේකයි කථා වස්තුව.
PD*29966910
නීල් ආම්ස්ට්‍රෝංග් කියන්නෙ මුලින්ම හදට ගොඩ බැහැපු පුද්ගලයනෙ. ඔන්න නීල් මහත්තය හඳ ගමන ඉවර කරල ගෙදර ආවලු ටික කාලයක් විවේකීව ඉන්න. මේ මහත්තට ලෝකයේ නන් දෙසින් ඔය කාලෙ ලියුම් එනවලු සුභ පතල, ආදරේ ප්‍රකාශ කරල, ආශිර්වාද කරල ඔන්න ඔය වගේ සීන් ගොඩයිලු. ඔන්න මේයා ලියුම් බල බල ඉද්දි ඒ ලියුම් ගොඩේ තිබුනලු පෝස්ට් කාර්ඩ් ඒකක්, එහෙමත් නැත්නම් තැපැල් පතක්. මේක ටිකක් විශේෂයි වගේ කියල හිතුන නිසා මෙයා මේක අතට අරගෙන බැලුවලු. ලියුම එවල තියෙන්නෙ ටිංටිං ලු. මාර කේස් එක නේද?
තැපැල් පතේ තියනවලු මෙන්න මේ විදිහට
"නීල් ආම්ස්ට්‍රෝංග් මහත්මයා වෙත,
ඔබ පරාදයි. ඇත්තටම ඔබට කලින් සඳ මතට පාතැබුවේ මමයි. කොහොම වුනත් ඔබට මගේ සුබ පැතුම්..!!
-ටිංටිං –"
tintin
ඇපලෝ 11හේ හඳට ගිය නීල් මහත්තය 1969 ජූලි 21 වෙනිද හඳට පා තැබූ පලමු ලෝකවාසියා වුනා. ඒත් ජොර්ජ් ප්‍රොස්පර් රේමි නැත්නම් හර්ජ් ටිංටිං ව හඳට යවා තිබෙන්නෙ 1953 දිය. ඇත්තටම බැලුවොත් නීල් ආම්ස්ට්‍රෝංග් පරාදය. ඔහුට කලින් හඳට ගොඩබැස්සේ ටිංටිංය. හර්ජ් ටිංටිංව හඳට යැව්වේ "Explorers on the Moon"  නැමැති ටිංටිං කථාමාලාවේ කෘතියෙන් 1953 දීය. හර්ජ් එහිදී සඳ පිලිබදව දක්වා තිබූ අදහස් බොහෝමයක් ඇත්තය. ඒවා පසුව සැබැවින්ම සඳට ගොඩබට නීල් ආම්ස්ට්‍රෝංග් සැබැවින්ම විදගත්තේය.
images (1)
ලෝ පතල ටිංටිං චිත්‍ර කථාවේ කතුවරයා නීල් ආම්ස්ට්‍රෝංග්ට සුභ පතා තිබුනේ ඔය ආකායටය.

5 comments:

  1. ඔය කාලේදී මිනිස්සුන්ට හඳ අල්ලන උන්මාදය අඩු නැතුවම තිබිල තියනවනේ...ඉතින් ටින් ටින් වත් හඳට යවපු එක පුදුමයක් නෙමෙයි :)

    ReplyDelete
  2. බොහොම ස්තූතී ඔබේ අදහසට.

    ReplyDelete
  3. ඇත්තටම කොල්ලෝ කතාව පංකාදු 5යි නෙව..................හොඳා හොඳා.....:)

    ReplyDelete
  4. තැන්ක්යූ වේවා මලිය... හික් හික්. ඩී.... :D :D

    ReplyDelete
  5. https://www.facebook.com/TinTin-Fans-Sri-Lanka-103619738115562/

    ReplyDelete

ඇදහසක් දාල යන්න. ගොඩක් වටිනව. Use your own language. Really appreciate it.