Monday, May 31, 2010

මිත්‍යාව සහ මිත්‍යාව වෙළදාම් කිරීම

වශී ගුරුකම්, රොඩී දැහැනින් වශී ගුරුකම්..... නිතර පත්තරයේ හා රූපවාහිනියේ යට තීරුවේ දක්නට ලැබෙන ඒවාය. පුවත්පතක් බැලූවිට එහි ඇති දැන් වීම් දයකින් දෙකක්ම මෙම මිත්‍යා ක්‍රියා පිලිබද දැන් වීම්ය.

රෝඩී වශී ගුරුකම් අතීතයේ සිට පැවත එන ක්‍රියාවක්ය. නමුත් එහි බැරෑරුම් තත්වය වන්නේ පන්සලද, සංඝයාද ඊට සම්බන්ද වී සිටීමයි. බුදුදහමේ මිත්‍යාවන් ප්‍රථික්ශේප කරයි. බුද්ධ ධර්මය විද්‍යාව මත පදනම් වී ඇත. බුදු රජාණන් වහන්සේ විද්‍යාව පිළිබදව ප්‍රකාශ කරනු ලැබූවේ සුද්දා කැලයේ සිටින අවදියේදීය.

මෙහි සැබෑ ත්තවය කුමක්ද? ඇත්ත වශයෙන්ම හැරගිය සැමියා,බිරිය,පෙම්වතා හෝ පෙම්වතිය ගෙන්වා දීමට මොවුනට හැකිද? කෙස්ගහකින් කෙල්ලෙකු හෝ කොල්ලෙකු වශීකරවා දීමට හැකිද? විශාල ගැටළුවකි. මානම් මෙවන් සිදු වීමක් පිළිබදව මෙතුවක් තුරාවට අසා නැත. වශීකරවා දීමට හැකිනම් එය ඉතාමත් වටිනා ක්‍රියාවකි. එසේනම් අයිශ්චර්ය්‍යා රායි ලොව මෙතෙක් බිහිවූ ලස්සනම කාන්තාව, වශීකරවා ගැනීමට මිනිසුන් පසුබට වන්නේ ඇයි? අභිශේක් බච්චන් එසේනම් වශී ගුරුකමක් කරවාගෙනවත්ද?

සැබෑ තත්වය ගැන නොදැන අවලාද නැගීම එතරම් සුඩුසු නැත. නමුත් පෙනෙන්නට තරම් සත්ය්‍යක් මෙහි නොපවතී. මිනිසුන් නොමග යැවීමක් සිදි වෙනවා යැයි මාගේ හැගීමයි.... මුදල් විශාල ප්‍රමානයක් වියදම් කරවාගෙන මිනිසුන් මේ වෙත යන්නේ විශාල බලා පොරොත්තු සමගය. මිත්‍යාව විශවාශ කිරීම මිනිස් ගතියකි. මවා පෑමක් නිසා මිනිසා ඒ වෙත ඇදී යයි. කරන්නට දෙයක් නැත්තටම නැතියයි හැගී ගිය විට මිනිසා ඒවෙත ඇදී යයි. මෙය ස්වභාවික මිනිස් ගුනයකි. නමුත් ගැටළුව වන්නේ ගජබින්න සමගින් මිනිසුන් රවටා ගැනීමයි. කසාවත මිත්ය්‍යාවේ නාමයෙන් විකුනා ගැනීමයි වහාම මේ සඩහා පිලියම් යෙදිය යුතු නොවේද? නීල් ආම්ස්ට්‍රෝංග් සදට ගොස් වසර පනහකට වැඩිය. නමුත් අපි තවමත් ගල්ගුහා තුලය. සුද්දන්ට විද්‍යාව ඉගැන්වූ අපි දැන් සුද්දන්ට වඩා පිටුපසින්ය.

2 comments:

  1. මිනිස්සු අසරන උනහම ඔය වගේ දේවල් වලින් හරි පිහිටක් පතනවා.. අර කියන්නේ ගිලෙන්න යන එකා පිදුරු ගහේත් එල්ලෙනව කියල.. ඒ වගේ තමා ඕක.

    ඒ දේන් ප්‍රයෝජන අරන් මේ වන්චාකාරයො සල්ලි උපයනවා... 99 % ක් ම තනි බොරුව යන්නේ

    ReplyDelete
  2. මේක හරියට කරන අය ඉන්නවා පළමු එක ආදර සම්බන්ධයක් තිබිලා තියෙන්න ඕන ‍වෂී කරන්න නැතුව ඔය කියන විදියට අයිච්චර්්‍යයා ගෙන්න බෑ... මම දන්න කීපදෙනෙක් ඉන්නවා හරියට කරන මම කනප්පුව යනවත් දැකලා තියෙනවා ගුරැකම් කරන්නේ පේරේතයෝ භූත ආත්ම වගේ අය ගෙන්නලා ඒ අයගෙන් වැඩ ගන්න එක තමයි ඔතන වෙන්නේ. ගුරුකම් හා ජොතිෂ විද්‍යාව කියන්නේ දෙකක් දෙකම හරියට කරන අය ඉන්නවා හැබැයි බොරුකාරයෝ තමයි වැඩි

    ReplyDelete

ඇදහසක් දාල යන්න. ගොඩක් වටිනව. Use your own language. Really appreciate it.