Wednesday, May 26, 2010

කම්මුලට ගහන රොබෝ

සමහර විට මේ කතාව ඔයාල අහලත් ඇති. ඒත් දන්නෙ නැති අයට දැනගන්නත් එක්ක කියන්න හිතුන. මටත් මේ ළගදි දවසක තමා මේක අහන්න ලැබුනෙ. ඔන්න එහෙනම් අහන්නකො...


තාත්ත කෙනෙක් ගෙදරට ගෙනාව බොරු කියද්දි අදුර ගන්න පුලුවන් රොබෝ කෙනෙක්ව. ඒ රොබෝට බොරුවක් කියුවොත් අදුනගන පුලුවන්. කිව්වෙ බොරුවක් කියල තේරුනොත් මේ රොබෝ අත දිග ඇරල කම්මුලට පාරක් දෙනව.

ඔන්න ඉතින් රොබෝව ගෙල්ල ටික දවසක් ගියා. කිසිම අව්ලක් වුනේනම් නෑ. දවසක් පුතා පංති ගියා. පංතියට ගිහාම පුතාට හිතුන අදනම් වැඩක් නෑ. හරි හමන් කෙල්ලෙක්වත් නෑ අද බලන්න. අද ඔන්න ඔහෙ කට් එකක් දානව කියල. ඉතින් ඔය පුතා තව යාලුවෙකුත් එක්ක කට් එකක් දාන්න බීච් එක පැත්තට ගියා. ඉතින් කොහොම හරි ගෙදරට එද්දි ටිකක් විතර රෑව් උනා. ගෙදරට එද්දි තත්ත ඉන්නව රොබෝවත් ළග තියාගෙන, ගෙදර ඉස්සරහ වාඩි වෙලා ඉන්නව. ඔන්න පුතා ගෙදරට ගොඩවුන ගමන් තාත්ත අහනව "අද පුතා කොහෙද ගියේ?" කියල, පුතත් ගත්තු කටටම කිව්ව "මම ගියේ පංති කියල".රොබෝ අතදිග ඇරල දුන්න පුතාගෙ කම්මුලට පාරක්. තාත්ත දැන්දන්නව පුතා කිව්වෙ බොරු කියල.

ඔන්න තාත්ත පටන් ගත්ත දේශනාව දෙන්න. "මොනවද මේ තමුසෙ කරන වැඩ ආ ආ.... මෙහෙම ඉගෙන ගන්න පුලුවන්ද? මම නම් ඒ කාලෙ එහෙම නෑ, අපි හැමදාම පංති ගියා, කට්ටි පැන්නෙනම් නෑ". මේක අහපු රොබෝ දුන්න තාත්තටත් අත දිග ඇරල කම්මුලට පාරක්.

මෙක අහගෙන හිටපු අම්ම මෙතනට දුවගෙන ආව. අම්ම ඇවිල්ල කියනව, "මොකක්ද මේ තාත්තයි පුතාගෙයි රංඩුව? ළමය පංතිය කට් කලම මොකද, තාත්තගෙම පුතානෙ." අම්ම මෙහෙම කියපු ගමන් රොබෝ දුන්න අම්මගෙත් කම්මුල හරහා හොද පාරක්.

අම්මගෙ කම්මුලට රොබෝ ඇයි ගැහුවෙ කියල හිතාගන්න පුලුවන්ද? ඇයි ගැහුවෙ කියල පුලුවන්නම් කියන්න බලන්න......

5 comments:

  1. හෙහ් හෙහ් ඌ වෙන තාත්තෙක්ගෙ පුතෙක්නෙ බන්.......... හික්ස්. ලොලේ ලොල් කිව්වලු

    ReplyDelete
  2. හාපෝ විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ....

    ReplyDelete
  3. හික්.. :D මරු කතාව :D

    ReplyDelete
  4. මරේ මරු

    ReplyDelete
  5. ජේ.ඩී ගෙ කතාවනම් හරියටම හරි.... කොල්ල වෙන තාත්තෙගෙ නෙ.... Comment කරාට ස්තූති....

    ReplyDelete

ඇදහසක් දාල යන්න. ගොඩක් වටිනව. Use your own language. Really appreciate it.