Friday, July 23, 2010
I am සිරිමල් from Sri ලංකා
Friday, July 16, 2010
සාහිත්‍යමය ඇසකින් කියවා බලන්න....
Wednesday, June 2, 2010
කුණු කූඩයට දමන්න පෙර පොඩ්ඩක් හිතල බලන්න, මේවා ජීවිතයට වැදගත්....
දවසක් ජනාධිපතිතුමා තමන්ගෙ කාමරේ ඉදගෙන තමන්ගෙ සපත්තු මදිනව. ඔය අතරෙ කාමරේට ආපු මහත්මයෙක් "Mr. President, ඔයා මොකද ඔයාගෙ සපත්තු මදින්නෙ?" කියල ඇහුව. එතකොට ජනාධිපතිතුමා අහනව "ඇයි ඔයා වෙන කාගෙ සපත්තුද මදින්නෙ?"
මෙතනින් ගන්න පුළුවන් ආදර්ශ මොනවද? බලන්න එතුමා කොච්චරම නිහතමානීද? ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ලොව වැඩිම විධායක බල තල සහිත ජානාධිපති ධූරයයි. නමුත් ඔහුගේ සපත්තුව මැදීමට මෙහෙකරුවෙකු යොදාගැනීම පහසු කටයිත්තකි. නමුත් ඔහුගේ නිහතමානී කම නිසාවෙන්ම ඔහු සිය කටයුත්ත තමා විසින්ම කරගනී. මෙය අප සැම දෙනාටම ආදර්ශයකි.
අනෙක් කරුන නම් Mr.President යනුවෙන් ඇමතීමයි. ලංකාවේ අපි නායකයන් ඇමතීමට පණ්ඩිත්, අතිගරු, අති උතුම්, යනුවෙන් යොදාගනී. නමුත් මෙහි සදහන් ඇමරිකානු ජනතාව කෙතරම් සරලද? නමට පෙර දීර්ඝ හෑලි නැත. ඇමරිකානු කියා සෑම දේම ඉවත දැමීම සුදුසු නැත. හොදදේ අප ලග තාබාගෙන අනෙක්වා ඉවත දැමිය යුතුය.
Monday, May 31, 2010
මිත්‍යාව සහ මිත්‍යාව වෙළදාම් කිරීම
රෝඩී වශී ගුරුකම් අතීතයේ සිට පැවත එන ක්‍රියාවක්ය. නමුත් එහි බැරෑරුම් තත්වය වන්නේ පන්සලද, සංඝයාද ඊට සම්බන්ද වී සිටීමයි. බුදුදහමේ මිත්‍යාවන් ප්‍රථික්ශේප කරයි. බුද්ධ ධර්මය විද්‍යාව මත පදනම් වී ඇත. බුදු රජාණන් වහන්සේ විද්‍යාව පිළිබදව ප්‍රකාශ කරනු ලැබූවේ සුද්දා කැලයේ සිටින අවදියේදීය.
මෙහි සැබෑ ත්තවය කුමක්ද? ඇත්ත වශයෙන්ම හැරගිය සැමියා,බිරිය,පෙම්වතා හෝ පෙම්වතිය ගෙන්වා දීමට මොවුනට හැකිද? කෙස්ගහකින් කෙල්ලෙකු හෝ කොල්ලෙකු වශීකරවා දීමට හැකිද? විශාල ගැටළුවකි. මානම් මෙවන් සිදු වීමක් පිළිබදව මෙතුවක් තුරාවට අසා නැත. වශීකරවා දීමට හැකිනම් එය ඉතාමත් වටිනා ක්‍රියාවකි. එසේනම් අයිශ්චර්ය්‍යා රායි ලොව මෙතෙක් බිහිවූ ලස්සනම කාන්තාව, වශීකරවා ගැනීමට මිනිසුන් පසුබට වන්නේ ඇයි? අභිශේක් බච්චන් එසේනම් වශී ගුරුකමක් කරවාගෙනවත්ද?
සැබෑ තත්වය ගැන නොදැන අවලාද නැගීම එතරම් සුඩුසු නැත. නමුත් පෙනෙන්නට තරම් සත්ය්‍යක් මෙහි නොපවතී. මිනිසුන් නොමග යැවීමක් සිදි වෙනවා යැයි මාගේ හැගීමයි.... මුදල් විශාල ප්‍රමානයක් වියදම් කරවාගෙන මිනිසුන් මේ වෙත යන්නේ විශාල බලා පොරොත්තු සමගය. මිත්‍යාව විශවාශ කිරීම මිනිස් ගතියකි. මවා පෑමක් නිසා මිනිසා ඒ වෙත ඇදී යයි. කරන්නට දෙයක් නැත්තටම නැතියයි හැගී ගිය විට මිනිසා ඒවෙත ඇදී යයි. මෙය ස්වභාවික මිනිස් ගුනයකි. නමුත් ගැටළුව වන්නේ ගජබින්න සමගින් මිනිසුන් රවටා ගැනීමයි. කසාවත මිත්ය්‍යාවේ නාමයෙන් විකුනා ගැනීමයි වහාම මේ සඩහා පිලියම් යෙදිය යුතු නොවේද? නීල් ආම්ස්ට්‍රෝංග් සදට ගොස් වසර පනහකට වැඩිය. නමුත් අපි තවමත් ගල්ගුහා තුලය. සුද්දන්ට විද්‍යාව ඉගැන්වූ අපි දැන් සුද්දන්ට වඩා පිටුපසින්ය.
Wednesday, May 26, 2010
කම්මුලට ගහන රොබෝ
සමහර විට මේ කතාව ඔයාල අහලත් ඇති. ඒත් දන්නෙ නැති අයට දැනගන්නත් එක්ක කියන්න හිතුන. මටත් මේ ළගදි දවසක තමා මේක අහන්න ලැබුනෙ. ඔන්න එහෙනම් අහන්නකො...
තාත්ත කෙනෙක් ගෙදරට ගෙනාව බොරු කියද්දි අදුර ගන්න පුලුවන් රොබෝ කෙනෙක්ව. ඒ රොබෝට බොරුවක් කියුවොත් අදුනගන පුලුවන්. කිව්වෙ බොරුවක් කියල තේරුනොත් මේ රොබෝ අත දිග ඇරල කම්මුලට පාරක් දෙනව.
ඔන්න ඉතින් රොබෝව ගෙල්ල ටික දවසක් ගියා. කිසිම අව්ලක් වුනේනම් නෑ. දවසක් පුතා පංති ගියා. පංතියට ගිහාම පුතාට හිතුන අදනම් වැඩක් නෑ. හරි හමන් කෙල්ලෙක්වත් නෑ අද බලන්න. අද ඔන්න ඔහෙ කට් එකක් දානව කියල. ඉතින් ඔය පුතා තව යාලුවෙකුත් එක්ක කට් එකක් දාන්න බීච් එක පැත්තට ගියා. ඉතින් කොහොම හරි ගෙදරට එද්දි ටිකක් විතර රෑව් උනා. ගෙදරට එද්දි තත්ත ඉන්නව රොබෝවත් ළග තියාගෙන, ගෙදර ඉස්සරහ වාඩි වෙලා ඉන්නව. ඔන්න පුතා ගෙදරට ගොඩවුන ගමන් තාත්ත අහනව "අද පුතා කොහෙද ගියේ?" කියල, පුතත් ගත්තු කටටම කිව්ව "මම ගියේ පංති කියල".රොබෝ අතදිග ඇරල දුන්න පුතාගෙ කම්මුලට පාරක්. තාත්ත දැන්දන්නව පුතා කිව්වෙ බොරු කියල.
ඔන්න තාත්ත පටන් ගත්ත දේශනාව දෙන්න. "මොනවද මේ තමුසෙ කරන වැඩ ආ ආ.... මෙහෙම ඉගෙන ගන්න පුලුවන්ද? මම නම් ඒ කාලෙ එහෙම නෑ, අපි හැමදාම පංති ගියා, කට්ටි පැන්නෙනම් නෑ". මේක අහපු රොබෝ දුන්න තාත්තටත් අත දිග ඇරල කම්මුලට පාරක්.
මෙක අහගෙන හිටපු අම්ම මෙතනට දුවගෙන ආව. අම්ම ඇවිල්ල කියනව, "මොකක්ද මේ තාත්තයි පුතාගෙයි රංඩුව? ළමය පංතිය කට් කලම මොකද, තාත්තගෙම පුතානෙ." අම්ම මෙහෙම කියපු ගමන් රොබෝ දුන්න අම්මගෙත් කම්මුල හරහා හොද පාරක්.
අම්මගෙ කම්මුලට රොබෝ ඇයි ගැහුවෙ කියල හිතාගන්න පුලුවන්ද? ඇයි ගැහුවෙ කියල පුලුවන්නම් කියන්න බලන්න......
