Wednesday, October 27, 2010

බස් දෙසට ඇස්

බස් කවුරුත් එදි නෙදා ගමන් බිමන් යාමට යොදා ගන්නා ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යකි. නමුත් "බස් එකේ යමු" කියා පැවසුවහොත් "අපෝ බස් එකේද?" කියා නිරායාසයෙන්ම මුව අගට පැමිණේ. ඇතතටම කාරනය කුමක්ද?


ශ්‍රී ලංකාවේ පෞද්ගලික බස් රථ සේවය කලක් තිස්සේම රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබුණි. අදටද මහමගට පැමිණි පසු දැක ගැනීමට හැකි වැඩිමනක් බස් රථ රජයේ ඒවා නොවනු ඇත. මහමගට පැමිණි පසු බස් රථනම් වැසි වසින්නා සේය. නමුත් ඉන් සැලසෙනාවූ සේවය පිළිබදව කොළඹ ප්‍රදේශයේ සිටිනා අපට සෑසීමකට පත්විය හැකිද? කොතරම් බස් රථ තිබුනත් අපගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් ඒවා ඈතිද? මේ ගැටළුව අප ඉදිරියේ පවතී.
රජය විසින් මෑතකදී දුරගමන් සේවා සදහා නීති මාලාවක් පැනවූවා මත ඇති. ඒ මගින් අධික ගෝෂාව, ආසන අතර දුර, අනවශ්‍ය සැරසිලි යනාදිය පිලිබදව තරයේ ප්‍රකාෂ කෙරුණි. නමුත් මෙය සාමාන්‍ය සේවා වන කෙටි දුර සේවා සදහා එතරම් සලකා නොබැලිනි. සේවාවේ තත්වය පිළිබදව මෙහිදී සැලකිල්ලක් නොදැක්වීය. මම උදාහරනයක් ගන්නම්. බොහෝ දෙනකු දන්නා පරිදි 183 මාර්ග අංකයේ දාවනය වන්නේ පානදුර - නුගේගොඩ බස් රථයි. මේ බස් රථයක් මෙම ගමනාන්ත ද්විත්වය අතරේ දාවනය වීමට වරකට පැය දෙකකට වඩා ගතවේ. නමුත් සාමාන්‍යන් ගතවනේ විනාඩි 40ක පමණ කාලයකි. ඒ අනුව පැය එකයි විනාඩි 15ක නාස්ති වීමකි. මගී ජනයාගේ කාලය නිකරුනේ මහ මගටම කාදමනු ලබයි. සංවර්ධනය වන රටක් ලෙස ජනතාවගේ කාල ඉතාමත් වැදගත් වේ. විශේෂයෙන්ම සමක ආසනනයේ පිහිටි බෙලහීන කලාපයේ රටක් වන ශ්‍රී ලංකාවට මේය වඩාත් වැදගත් වේ. මහ මග ගතකිරීමේදී ඇතිවන විඩාව නිසා අපතේ යන්නේ මහජන ශ්‍රමයයි. "ඇයි බස් එක යන්නෙ නැත්තේ" යැයි කොන්දොස්තරගෙන් හෝ රියදුරුගෙන් ඇසූවිට සිදු වන්නේ හොද වචනයනෙ අසා ගැනීමටයි. ඒසේ ඇසීමද වරදකි. නාකි බල්ලන්ද බස් රථයට  වඩා ඉක්මනින් කොළඹට යයි.

තවත් ගැටළුවක් වන්නේ බසයට ගොඩ වූ අවස්ථාවේ සිට ඇසෙන්නා වූ අදෝනාවයි. මගියාගේ අදෝනාවට වඩා ඒ අදෝනාව උස්ව ඇසෙයි. ඒකම තාලයටම ඇසෙන්නා වූ ගීතය ඇත්තෙන්ම කන්දොස්කිරියාවකි. නමුත් රියදුරුට සහ කොන්දොස්තරට එහි ගානක්වත් නැති තරම්මය. එම සද්දයේ සීමවක්ද නැත. තීව්‍ර ස්වරයෙන් වාදනය වෙන නිසා මනසට එය කරදරයක් වන්නේ නිරායාසයෙන්මනි. ඒවා නවත්තන්නටද බැරිය මන්ද "සෙට් එකක් නැද්ද?" කියා අසා බසයට ගොඩවන සුළු පිරිසක්ද සිටිති. 

තවත් ගැටළුවක් වන්නේ ගෙවන්නා වූ මුදලට ගැලපෙන ටිකට් පතක් නොලැබීමයි. එමන්ම මාරු සල්ලි ඉල්ලා මැසිවිලි නැගීමයි. රුපියල් 9යේ දුරට රුපියල් 10ක් අයකර ගැනීම මේ සදහා හොදම උදාහරණයකි. ඉතිරි රුපියල නොලැබී යන්නේ "මාරුසල්ලි නැහැ" යැයි කියමිනි. මේ ආකාරයෙන් ඔවුන් රුපියල බැගින් කොතරම් රැස් කරයිද? මේ ආකාරයෙන් මෙවුන්ට රජවීමට බැහැනෙ කියා අපිද එය මග හැර යයි. නමුත් මොවුන්ගේ මේ ආකාරයේ ක්‍රියා පාසල් නිල ඇදුමටද බලපායි. නිල ඇදුමටව ගරුත්වයක් නොදක් වා ඒ මගින්ද කීයක් හෝ කඩා ගනී.

බස් රථා ධාවන වෘතියේ යේදෙන්නන්ගේ පවතින්නේ වනම ලෝකයකි. තම තමගේ මාර්ග අංකවල ධාවනයේ යෙදෙන්නන් අතර වෙන වෙනම සම්ප්‍රදායන් පවතී. යුරෝපයේ බස් රථ ධාවනය වන්නේ වේලාවටය. ඒවා කට කපා ජනයා පුරවා නොගනී. ඇති තරම් බස් රථද පවතී. ලංකාවේ බස් රථ ඇති තරම් තිබුනත් මගීන් පමණට වඩා පුරවා ගනී. මුදල පිටුපස කෙල හලමින් දිව යයි. ගුණාත්මක සේවයක් ලබා දීමෙන් තමා වෙතට තව තවත් ජනයා ඈදා ගැනීමට ඔවුන් ක්‍රියා නොකරයි. අඩු වියදමින් වැඩි ලාබයක් ගැනීමට යයි. බසයේ හිටගෙන ගියත් ඉදගෙන ගියත් ගෙවිය යුත්තේ එකම ගාස්තුවකි. නමුත් සිටගෙන යන්නාට වැඩි වරප්‍රසාදයක් ලෙස හිර වීම සහ බැනුම අසන්නට ලැබෙයි.

සංවර්ධනය වන්නා වූ රටකට ගුණාත්මක බවින් පිරිපුණ් ප්‍රවාහන සේවයක් අත්‍යාවෂය වේ. රජයද මේ පිලිබදව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. අපේ මහා මාර්ගවල වේලාවට ගමන් ගන්නා, මගීන් කට කපා පටවා නොගත්, කන්දොස්කිරියා සහ අදෝනා නොමැති බස් රථ සේවයක් ඇතිවන විට අපි මිය ගොස්, වල දැමූ තැන්වල වල් පැලත් පැලවී තිබේවි.