රතුතොල් උබටත් වැඩියෙන් උන් පාට කර
මුහුලස දිගට මල් ලියකම් අඩු නොකර
හොයමින් නුබේ අඩුවැඩිකම් ඒ අතර
නෑයෝ ඇරන් එයි කටවල් දිග හැකර
මල් ගව්මටයි මටනම් නුබ හැඩකාරී
මොකටද දිනක් සරසණ්නට රටසාරී
යහනට නෙමේ නුබ මගෙ දිවියට බාරී
රැයකට කුමට අපි දෙන්නට ගලදාරී
දාඩිය හලා සෙවූ මොණරුන් මදි නොකිය
ගැවසූ කුමට ඉදගන්නට සෙටි බැකිය
දැන් බැන්දාය ලෝකෙට පෙන්නන වැකිය
ගැසූ රථ දමා අත් පටළා යා හැකිය
උඩපැන උබව උස්සන් ඇල්බම් වලට
පණයයි කලින් නොගියොත් මම ජිම් එකට
ඩීජේ ලයිට් මල් සෝබන ලෝකයට
පසුදා පානුත් අරගන්නේ පොතට
කාබී නටා සමහරු වෙරිවී නටලා
නැන්දා යාවි වැන්දේ නෑ යයි බැනලා
ණයවී පෝරු තැනුවත් බැලුවම හැරිලා
බැදලා නෙමෙයි පැටියෝ දෙන්නම ඇඳලා
-සම්පත් කුරුප්පු ආරච්චි
Original Topic එක: අපි දෙන්න පැනල යමු නංගී

No comments:
Post a Comment
ඇදහසක් දාල යන්න. ගොඩක් වටිනව. Use your own language. Really appreciate it.