Wednesday, July 28, 2010

අනුන්ට shopping කිරීම නොහොත් කඩේ යාම



නිදහස් අධ්‍යාපන ලබා ඉන් ලැබෙන්නා වූ යහපත නිසියාකාරයෙන් ලබා ගැනීමට අපොහොසත් වන පව්කාරයින් කීප දෙනෙකි. මේ වකවානුවේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ රුහුණු සරසවියේ සිසුවෙකු මියයෑමේ සිද්ධියයි. සැබැවින්ම තරමක් කතා බහට ලක්විය යුතු කාරනාවකි. පලමු වසරේ සිට විශ්වවිද්‍යාලය තෙක් පැමිනෙණ සිසුවාට රජය කොතරම් ධනයක් වියදම් කර තිබෙනවාද? පොත පතට ඇදුමට කෑමට ආදී මෙකී නොකී බොහෝ දෙයකට වියදම දරනු ලබයි. ඒ රටේ පැහැදිලි අනාගතයක් උදෙසා මේ සිසුවා යොදවා ගැනීමටයි.


Friday, July 23, 2010

I am සිරිමල් from Sri ලංකා


මේක මම අහපු කථාවක්. මගේ නිර්මාණයක් නම් නෙමේ. අපේ ජාතිය පහත් කොට සැලකීමකුත් නෙමේ. මෙන්න මේකයි සිද්ධිය.... එක්තරා දවසක අපේ රටේ ජාතිකයෙකු නැතිනම් ශ්‍රි ලාංකිකයෙකු පිටරටක් බලායන්න ගුවන්යානයකට ගොඩ වෙනව. කොහොමින් කොහොමින් හරි ගුවන්යාන ය ගුවන්ගත වෙනව. මේ අපේ කථා නායකයාට එහා පැත්තෙන් වාඩිවී යන්නේ එංගලන්ත ජාතිකයෙක්. ටිකක් දුර ඔහොම යද්දි මේ එංගලන්ත ජාතිකයාට කිවිසුමක් නැත්නම් හචිමක් යනව.

එවිට ඔහු මේ අපේ ශ්‍රී ලාංකිකයා දිහාවට හැරී මද සිනාවකුත් සමග කියනව....

"Sir i am suffering from Influenza...."

එතකොට අපේ ශ්‍රී ලාංකිකයා නැත්නම් අපේ කථා නායකයා මේ එංගලන්ත ජාතිකයා දිහාවට හැරිල මද සිනාවක් සමග මෙහෙම ප්‍රතිචාර දක්වනව....

" I am Sirimal from ශ්‍රි ලංකා...."

Friday, July 16, 2010

සාහිත්‍යමය ඇසකින් කියවා බලන්න....

මේ කවි පෙල කියවා බලන්න. රාවය පත්‍රයක පලවී තිබුණු මෙය එක්තරා වූ ශෛලියක එලි දැක්වීමකි. වල් කමකින් තොරව සාහිත්‍යමය ඇසකින් කියවා බලන්න. බැලූ බැල්මට මෙහි ඇති සාහිත්‍යයක්නම් නොමැත. නමුත් මට හැගෙන පරිදි අප සමාජයේ ගැබුරු පැතිකඩක් මින් විදහා දක්වයි. වැදගත් වන්නේ එම පැතිකඩ නිරීක්ෂණය කිරීමයි.



නැගණියට මංගල දැන්වීමක්


ඈ උපන්නේ හැත්තෑ හතේදීය
උතුමාණන් මේක සිංගප්පූරැවක්‍ කොරාපු දාය


ඈ වැඩිවිය පත්වූණේ අසූ නමේදීය
වි‍ජේවීර ඇල්ලූ පුවත ටී. වී එකේ යද්දී
අම්මා මට ඒ ආරංචිය ඇවිත් කීවාය
ඔහුගේ සිරැරින් ලේ ගැලූ නිමේෂයේම
මල්වර රැධි‍රය ඇගේ කලවා තෙත් කළේය

ඈ භද්‍ර යෞවනයට පිය නැඟූ මල්වර නැකත
ඔහුගේ මරැ නැකත විය

දැන් දෙදාස් තුනය
ඈට දැන් අවුරැදු විසි හයකි

ඇගේ දෙපා ඩිජිටල්ය
ස්කෑන් කර බැලුවත්
වැලි කැටයක පලුද්දක් නැත
ඇගේ දෙතන බෙත්ම සිලිකන්ය

මිනි ටී එකෙන් ඈත් මෑත් වන
නැබතුර ඩීවීඩී කොලිටිය
ඈ දෑත් හයි රිසලුෂන්ය
මයි‍ක්‍රොමිනිය තුළ තෙරපෙන නිතඹ මල්ටි මීඩියාය

ඇගේ වත නම් වී.එම්. එස් ය
ඇගේ කට හඬ එෆ්. එම් ය
ඔලුව වෑල් ය
හදවත ට්‍රැකින් වේ
(හැදුවට වැඩක්ම නැත)
ඇගේ ආත්මයේ ෆන් ගස් බැඳී ඇත
ඉපනැල්ලක්වත් නැති ඈ කිහිලි
ඩි‍ඔචරන්ට් ගඳය
ඇගේ පෑන්ටිය C.K ය
එහෙත්
අම්මා පල්ල ඇතුළ ජාතික චින්තනය

ඈ මගේ නංගීය
මා ඈ ගැන බැලිය යුතුමය
ඉතින් ඇනලොග් නාකියෙක් හෝ
ඩිජිටල් මෝඩයෙක් සොයමි
ඩිජිටල් නම් සුළු ආබාධයක් තිබුණද කම් නැත
ඇනලොග් නම් දික්කසාද

දරැවන් නැති අය ඉල්ලන්න

- කේ කේ සමන් කුමාර

Wednesday, June 2, 2010

කුණු කූඩයට දමන්න පෙර පොඩ්ඩක් හිතල බලන්න, මේවා ජීවිතයට වැදගත්....


මේක පරණ කතාවක්. ඒත් නොදන්න අයට දැන ගන්නත් එක්කයි මම මේක ලියන්නෙ. දන්නව ඇතිනෙ ඇමරිකා එක්සත් ජනපදයේ 16 වැනි ජනාධිපතිතුමා ඒබ්‍රහිම් ලිංකන් මහතා කියලා. වහල් වෙළදාමට එරහිව නැගී හිටපු නිසා එතුමා ලෝක ප්‍රසිධදයි. එතුමා ගැන ප්‍රසිද්ධ කතා ගොඩක් තියනව. මේකත් ඒ වගේ එකක්.


දවසක් ජනාධිපතිතුමා තමන්ගෙ කාමරේ ඉදගෙන තමන්ගෙ සපත්තු මදිනව. ඔය අතරෙ කාමරේට ආපු මහත්මයෙක් "Mr. President, ඔයා මොකද ඔයාගෙ සපත්තු මදින්නෙ?" කියල ඇහුව. එතකොට ජනාධිපතිතුමා අහනව "ඇයි ඔයා වෙන කාගෙ සපත්තුද මදින්නෙ?"

මෙතනින් ගන්න පුළුවන් ආදර්ශ මොනවද? බලන්න එතුමා කොච්චරම නිහතමානීද? ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ලොව වැඩිම විධායක බල තල සහිත ජානාධිපති ධූරයයි. නමුත් ඔහුගේ සපත්තුව මැදීමට මෙහෙකරුවෙකු යොදාගැනීම පහසු කටයිත්තකි. නමුත් ඔහුගේ නිහතමානී කම නිසාවෙන්ම ඔහු සිය කටයුත්ත තමා විසින්ම කරගනී. මෙය අප සැම දෙනාටම ආදර්ශයකි.


අනෙක් කරුන නම් Mr.President යනුවෙන් ඇමතීමයි. ලංකාවේ අපි නායකයන් ඇමතීමට පණ්ඩිත්, අතිගරු, අති උතුම්, යනුවෙන් යොදාගනී. නමුත් මෙහි සදහන් ඇමරිකානු ජනතාව කෙතරම් සරලද? නමට පෙර දීර්ඝ හෑලි නැත. ඇමරිකානු කියා සෑම දේම ඉවත දැමීම සුදුසු නැත. හොදදේ අප ලග තාබාගෙන අනෙක්වා ඉවත දැමිය යුතුය.

Monday, May 31, 2010

මිත්‍යාව සහ මිත්‍යාව වෙළදාම් කිරීම

වශී ගුරුකම්, රොඩී දැහැනින් වශී ගුරුකම්..... නිතර පත්තරයේ හා රූපවාහිනියේ යට තීරුවේ දක්නට ලැබෙන ඒවාය. පුවත්පතක් බැලූවිට එහි ඇති දැන් වීම් දයකින් දෙකක්ම මෙම මිත්‍යා ක්‍රියා පිලිබද දැන් වීම්ය.

රෝඩී වශී ගුරුකම් අතීතයේ සිට පැවත එන ක්‍රියාවක්ය. නමුත් එහි බැරෑරුම් තත්වය වන්නේ පන්සලද, සංඝයාද ඊට සම්බන්ද වී සිටීමයි. බුදුදහමේ මිත්‍යාවන් ප්‍රථික්ශේප කරයි. බුද්ධ ධර්මය විද්‍යාව මත පදනම් වී ඇත. බුදු රජාණන් වහන්සේ විද්‍යාව පිළිබදව ප්‍රකාශ කරනු ලැබූවේ සුද්දා කැලයේ සිටින අවදියේදීය.

මෙහි සැබෑ ත්තවය කුමක්ද? ඇත්ත වශයෙන්ම හැරගිය සැමියා,බිරිය,පෙම්වතා හෝ පෙම්වතිය ගෙන්වා දීමට මොවුනට හැකිද? කෙස්ගහකින් කෙල්ලෙකු හෝ කොල්ලෙකු වශීකරවා දීමට හැකිද? විශාල ගැටළුවකි. මානම් මෙවන් සිදු වීමක් පිළිබදව මෙතුවක් තුරාවට අසා නැත. වශීකරවා දීමට හැකිනම් එය ඉතාමත් වටිනා ක්‍රියාවකි. එසේනම් අයිශ්චර්ය්‍යා රායි ලොව මෙතෙක් බිහිවූ ලස්සනම කාන්තාව, වශීකරවා ගැනීමට මිනිසුන් පසුබට වන්නේ ඇයි? අභිශේක් බච්චන් එසේනම් වශී ගුරුකමක් කරවාගෙනවත්ද?

සැබෑ තත්වය ගැන නොදැන අවලාද නැගීම එතරම් සුඩුසු නැත. නමුත් පෙනෙන්නට තරම් සත්ය්‍යක් මෙහි නොපවතී. මිනිසුන් නොමග යැවීමක් සිදි වෙනවා යැයි මාගේ හැගීමයි.... මුදල් විශාල ප්‍රමානයක් වියදම් කරවාගෙන මිනිසුන් මේ වෙත යන්නේ විශාල බලා පොරොත්තු සමගය. මිත්‍යාව විශවාශ කිරීම මිනිස් ගතියකි. මවා පෑමක් නිසා මිනිසා ඒ වෙත ඇදී යයි. කරන්නට දෙයක් නැත්තටම නැතියයි හැගී ගිය විට මිනිසා ඒවෙත ඇදී යයි. මෙය ස්වභාවික මිනිස් ගුනයකි. නමුත් ගැටළුව වන්නේ ගජබින්න සමගින් මිනිසුන් රවටා ගැනීමයි. කසාවත මිත්ය්‍යාවේ නාමයෙන් විකුනා ගැනීමයි වහාම මේ සඩහා පිලියම් යෙදිය යුතු නොවේද? නීල් ආම්ස්ට්‍රෝංග් සදට ගොස් වසර පනහකට වැඩිය. නමුත් අපි තවමත් ගල්ගුහා තුලය. සුද්දන්ට විද්‍යාව ඉගැන්වූ අපි දැන් සුද්දන්ට වඩා පිටුපසින්ය.