
Tuesday, September 30, 2014
The Old ලව්

Wednesday, April 10, 2013
Decca කරපු වරද
Decca කියන්නේ ලෝකේ තියන ප්‍රසිද්ද සංගීත පිළිබද කටයුතු කරන සමාගමක්. 1929 පටන් ගත්ත Decca එංගලන්තය මුලික කරගෙන කටයුතු කරගෙන ගිය සමාගමක්. ඒ වුනාට දැන්නම් අයිති කාරයෝ ඇමරිකාව.
හිතන විදිහට හැමෝම අහල ඇති Beatles සංගීත කණ්ඩායම ගැන. Beatles එංගලන්තයේ තමයි පටන් ගන්නේ. ඒ වුනාට පස්සේ කාලෙකදී ලෝකයේ ප්‍රසිද්දම සංගීත කණ්ඩායමක් වෙනවා. 60 දශකයෙන් පස්සේ තවමත් ලෝකයේ ජනප්‍රියම සංගීත කණ්ඩායම.
කතාව මේකයි. 1962 මුල්කාලේ Beatles එයාලගේ පලවෙනි සංගීත ඇල්බමය එලි දක්වන්න හදනවා. එතකොට මෙයාල Famous නැහැ. පොඩි සංගීත කණ්ඩායමක් කව්රුවත් දන්නේ නැති. Beatles ල හිතවා Decca එක්ක එකතු වෙලා පලවෙනි ඇල්බමය එලි දක්වන්න. එයාල Decca එකට දෙන්න සිංදු 15ක් Record කරගෙන යනවා. ඒ වුනාට Beatles ලට වෙන්නේ අකුලාගෙන ආපහු එන්න. Decca කියනවා “මොන බහුබුතයක්ද මේ, අපිට මේවා කරන්න බෑ” කියල. ඒක ලෝකේ අවාසනාවන්තම ප්‍රතික්‍ෂේප කිරීමක්. මොකද Decca හීනෙකින්වත් හිතන්න නැතුව ඇති Beatles කවදා හරි ලෝකේ ජනප්‍රියම සංගීත කණ්ඩායම වෙලා ලෝකයම හොල්ලයි කියල.
ජිවිතයේ අනුමත කිරීම් වලට වඩා ප්‍රතික්‍ෂේප කිරීම් වැඩි. අපිව ප්‍රතික්ෂේප වුනාට සැලෙන්න හොද නෑ. මොකද කවදා හරි කව්රු හරි අපිව Accept කරයි. එදාට අපිව ප්‍රතික්ෂේප කරපු උදවිය ඒ ගැන දුක්වෙයි. ඒක තමයි කොල්ලටනම් හිතෙන්නේ මේ කතාව ඇහුවම.

Thursday, September 6, 2012
මගේ නංගීගේ නම නංගීය. ඇය මට වඩා බාලය. නංගී ස්ත්‍රීයකි. ඇය බැරි වෙලාවත් පුරුෂයෙකු වූවා නම් ඇගේ නම මල්ලී ලෙස හැඳින්වේ. නංගී මට වඩා බාල වුවද අම්මාට වඩා වැඩිමල්ය. ඒ නිසා ආච්චී නංගීට කියන්නේ හැට අම්මා කියාය. නංගීගේ කාමරය මගේ කාමරයට වඩා බෙහෙවින් පිළිවෙලය. හැබැයි ගඳය. තාත්තා කියන පරිදි නංගී අපේ නිවසට පහනකි. අපේ නිවසේ පහන හැමදාම ගිනි ගනී. ඒ නිසා තාත්තාගේ උපමාවද වරදක් නැත.
තාත්තා පඬියෙන් භාගයක් වියදම් කරන්නේ නංගීටය. ඇගේ හිසට ෂැම්පුද, හිස්කබලට තෙල්ද, අතේ හා පයේ ඇඟිලි විස්සට පාට විස්සක කිවුටෙක්ස් ද ඇත. ඇයට ඇඟිලි විස්සක් තිබුණේ හොඳ වෙලාවටය. බැරි වෙලාවත් හැකරැල්ලෙකුගේ මෙන් ඇයට කකුල් තිබුණා නම් තාත්තට යන්න වෙන්නේ හොම්බෙන්ය. නංගීගේ මූණට එක ක්‍රීම් වර්ගයකි. බෙල්ලට තව එකකි. අතට, කකුලට, බඩට, කටට, පිටට ආදී සකල විද සර්වාංගයේ සියළු අවයව සඳහා ඇයට ක්‍රීම් වර්ග ඇත. දිනක් මුහුනේ උලනා ක්‍රීම් වර්ගයක් මට බැරිවී යෝගට් කියා කැවුනාය. මේ තවමත් දුවන්නේ ඒ බඩේ අමාරුවය. නංගීට එක එක තැනට එක එක ක්‍රීම් වර්ග තිබුණද මට ඇත්තේ එකම එක ක්‍රීම් වර්ගයකි. ඒ ෂේවින් ක්‍රීම්ය. මම හිසේ සිට දෙපතුල දක්වා එය උලාගෙන අහවර වූ පසු නංගීගේ බේබි ක්‍රීම් ගා රැව්ල කපා ගන්නෙමු. නංගීගේ බේබි ක්‍රීම් එක පසුපසද මාර කතාවක් තිබේ. බේබි ක්‍රීම් ගාන්නේ බේබිලාය. පුත්තලම් බූරුවන් හත් අට දෙනෙකුගේ වයස ඇති නංගී බේබියෙකු වූයේ කෙසේදැයි මම දහ අතේ කල්පනා කලහූය. අද කාලේ බේබිලා මෙතරම් ලොකුදැයි මට අවසානයෙදී කල්පනාවී සිහිමුර්ජාවක්ද ඇතිවිය. අපි කැරට් කෑවට නංගී කැරට් බොයි. මුං ඇට මුහුණේ ගායි. මී කිරි, දෙහි, අලිගැටපේර යනාදී ඕනම දෙයක් ඇය මුහුණේ උලයි. කිටියා වඩාත්ම කැමති නංගී ඇගේ මුහුණේ යෝගට් හෝ මීකිරි ගානවාටය. එදාට ඇගේ මුහුණ සෝදන්නේ කිටියාය. එසේ වුවද තාත්තා ස්ටේෂන් මාස්ටර් කෙනෙකු සේ හිඳ දුක් මහන්සියෙන් හරි හම්බකර අපට කන්න ගෙන එන හැම හත්තිලව්වම නංගී මුහුණේ ගායි. දිනක් අම්මා පිපිඤ්ඤා සලාද හැදුවාය. නමුදු එහි පිපිඤ්ඤා තිබුණේ නැත. “කෝ අම්මෙ පිපිඤ්ඤා” නංගිගෙන් ඉල්ල ගන්න.. කාරනාව තේරුණේ එවිටය. බත් එක බෙදාගත් පසු දෙහි, රතුළුණු, අමු මිරිස්, උම්බලකඩ ඇති මිශ්‍රණයෙන් ටිකක් පිඟානට දමාගෙන නංගීගේ මුහුණේ සහ ඇස් උඩ ඇති පිපිඤ්ඤා පෙති දෙකක් පිගාණට දමාගත යුතුය. අපි එදා කබ සහ කුරුලෑ සාරු සමග පිපිච්චා කෑවෝය. නංගී දිනපතා සැලූනයට යයි. කලාතුරකින් පාසල් යයි. සැලූනයට ගොස් මුහුණ ස්ට්‍රේට් කරයි. අතේ පයේ මයිල් ස්මයිල් වන තුරු ෆර්ම් කරයි. කොණ්ඩය බ්ලිව් කරයි. තොල් රීකන්ඩිෂන් කරයි. නංගීගේ මුහුණේ වලවල් නැත. ඇත්තේ ගොඩැලිය. සැලූනයේ අක්කා නංගීගේ මුහුණට පොඩි දමයි. අනතුරුව හැටේ වැලි කඩදාසියෙන් කපා එකසිය විස්සේ වැලි කඩදාසියෙන් ඔප දමයි. නංගීව කසාඳ බැන්දවීමට අවශය දිනක පුවත්පත් වල පළ කිරීමට සඳහා අවශය මංගල දැන්වීම මම දැන්මම ලියා ලැමිනේට් කරගෙන සිටිමි.....
“රූමත් ගුණවත් නූගත් දියණියට සුකුරුත්තන් ඉවසිය හැකි, ගොබ්බ, මෝඩ බයාදු විලිබයකින් තොර කෝටිපති ව්‍යාපාරික පුතකු අසරණ වූ මව්පියන් සොයයි. වැන්දඹු වූවාට කමක් නැත. විහිලුවට නොලියන්න. මෙය ජීවිතය සම්බන්ධ බරපතල ගැටළුවකි. මීට අයියා..”

Thursday, August 16, 2012
ගාන්ධිගේ සෙරෙප්පු ජෝඩුව
අපි හැමෝම මහත්මා ගාන්ධි ගැන අසා තිබෙනවා. ඔහු ඉතා දක්ෂලෙස ඉංදියානු ජාතියම නිදහස් සටන වෙත යොමු කරවූ ආකාරය ඉතා ආකර්ෂණීයයි. ඒ විතරක් නෙවේ ගාන්ධි තුමාගේ අදහස් ඉතා අගනේයයි. හැමෝම දන්නා විදිහට ඔහු අවිහිංසා වාදයේ පියායි. මේ කථාව සිදුවූ කාලය ගැන නිශිචිත අදහසක් නැති වුවත් මේය ඉංදියාව යටත් විජිතයක් ලෙස පසු වූ කාලයේ සිදුවූවක්.
දිනක් මහත්මා ගාන්ධි දුම්-රියෙන් ගමනක් යමින් සිටියා. ඔහුගේ ආසනය ඉදිරියෙ වාඩිවී සිටියේ තරුණ් ඉංග්‍රීසි ජාතික මහතුන් දෙපලක්. ඔවුන් ඇත්තටම දැනගෙන හිටියේ නෑ මේ රෙද්දක් ඇගපටලවා ගත් මනුස්සයා කවුරුන්ද කියල. හැබැයි මේ ආසියානුවා ඔවුන්ගේ දුම්-රිය මැදිරියේ ගමන් කරනවාටනම් ඔවුන්ගේ හිත්තුල වැඩි කැමැත්තක් තිබුනේ නෑ. දුම්-රිය ගමන් ආරම්භ කරල ටික මොහතකින් මහත්මා ගාන්ධි තුමාට නින්ද ගියා. මේවේලාවේ අර තරුණ ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනා එකතුවෙලා මහත්මා ගාන්ධි තුමාගේ සෙරෙප්පු යුගලය ජනේලයෙන් එලියට විසිකර දැම්මා.
ඔහොම ටික වෙලාවක් ගිහින් ගාන්ධි තුමා ඇහැරිලා බලද්දි සෙරෙප්පු ජෝඩුව නෑ (M). ටික වෙලාවක් එහෙ මෙහෙ බලල අන්තිමට අර තරුණ ඉංග්‍රීසි ජාතිකයො දෙන්නගෙන් ඇහුව "මගේ සෙරෙප්පු ජෝඩුව දැන් මෙතන තිබුන ඒදෙක ඔය දෙන්න දැක්කද" කියල. අරදෙන්න හිනාවෙලා එහෙම කියනව "ආආ ඒ දෙක ඔය ජනේලෙන් බැහැල යන්න ගියා" කියල.
දැන් ඉතින් මොකාට කියන්නද? ගාන්ධි තුමාත් හා කමක් නෑ කියල පාඩුවේ පත්තරයක් බලන්න පටන් ගත්ත. දැන් අර මිනිස්සු දෙන්නට ටිකක් තරහයි. ඇයි සෙරෙප්පු දෙක විසිකලා කියල මේ මනුස්සයට ගානක්වත් නෑනේ. ඔන්න ඔහොම යද්දි ටිකකින් මේ දෙන්නත් නිදා ගත්ත. ඔය අතරේ ගාන්ධි දකිනව මේ දෙන්නගෙ කෝට් දෙක ආසනේ ගාව එල්ලල තියනව. ගන්ධි ඒදෙක ජනේලයෙන් එලියට විසික් කරල සුපුරුදු විදිහට පත්තරේ කියවන්න පටන් ගන්නව.
ටිකකින් ඔන්න මේ තරුණ ඉංග්‍රීසි ජාතිකයො දෙන්න ඇහැරිලා බලද්දි කෝට් දෙක නෑ. පේන හරියෙන් මනුස්සයෙකුට කියලඉන්නෙ මේ වැරහැල්ලක් ඇදගත්තු මනුස්සය විතරක් නිසා, මේදෙන්න ගාන්ධිගෙන් අහනව "කෝ අපේ කෝට් දෙක?". එතකොට ගාන්ධි ඇගට පතට නොදැනී උත්තර දෙනව "ආආ කෝට් දෙකද? ඒ දෙක ගියා මගේ සෙරෙප්පු දෙක එක්කන් එන්න" කියල.
මේ කතාවේ තියන හාත්ස්‍ය උපදවන ගතියට වඩා බොහෝ වැදගත් වෙන්නේ මේ කතාවේ තියන සැගවුණු අරුතයි. ඒ අදහස තේරුම් ගැනීම නොගැනීම කියවන්නාගේ කැමැත්තයි.

ටිංටිංගේ සුභ පැතුම
ටිංටිං කිව්වම අපි හැමෝම මේ හාදයව දුරනවනේ. මේ කියන කථාවත් ටිංටිං මුල් කරගෙන තමයි. ඔන්න එහෙනම් මේකයි කථා වස්තුව.
නීල් ආම්ස්ට්‍රෝංග් කියන්නෙ මුලින්ම හදට ගොඩ බැහැපු පුද්ගලයනෙ. ඔන්න නීල් මහත්තය හඳ ගමන ඉවර කරල ගෙදර ආවලු ටික කාලයක් විවේකීව ඉන්න. මේ මහත්තට ලෝකයේ නන් දෙසින් ඔය කාලෙ ලියුම් එනවලු සුභ පතල, ආදරේ ප්‍රකාශ කරල, ආශිර්වාද කරල ඔන්න ඔය වගේ සීන් ගොඩයිලු. ඔන්න මේයා ලියුම් බල බල ඉද්දි ඒ ලියුම් ගොඩේ තිබුනලු පෝස්ට් කාර්ඩ් ඒකක්, එහෙමත් නැත්නම් තැපැල් පතක්. මේක ටිකක් විශේෂයි වගේ කියල හිතුන නිසා මෙයා මේක අතට අරගෙන බැලුවලු. ලියුම එවල තියෙන්නෙ ටිංටිං ලු. මාර කේස් එක නේද?
තැපැල් පතේ තියනවලු මෙන්න මේ විදිහට
"නීල් ආම්ස්ට්‍රෝංග් මහත්මයා වෙත,
ඔබ පරාදයි. ඇත්තටම ඔබට කලින් සඳ මතට පාතැබුවේ මමයි. කොහොම වුනත් ඔබට මගේ සුබ පැතුම්..!!
-ටිංටිං –"
ඇපලෝ 11හේ හඳට ගිය නීල් මහත්තය 1969 ජූලි 21 වෙනිද හඳට පා තැබූ පලමු ලෝකවාසියා වුනා. ඒත් ජොර්ජ් ප්‍රොස්පර් රේමි නැත්නම් හර්ජ් ටිංටිං ව හඳට යවා තිබෙන්නෙ 1953 දිය. ඇත්තටම බැලුවොත් නීල් ආම්ස්ට්‍රෝංග් පරාදය. ඔහුට කලින් හඳට ගොඩබැස්සේ ටිංටිංය. හර්ජ් ටිංටිංව හඳට යැව්වේ "Explorers on the Moon" නැමැති ටිංටිං කථාමාලාවේ කෘතියෙන් 1953 දීය. හර්ජ් එහිදී සඳ පිලිබදව දක්වා තිබූ අදහස් බොහෝමයක් ඇත්තය. ඒවා පසුව සැබැවින්ම සඳට ගොඩබට නීල් ආම්ස්ට්‍රෝංග් සැබැවින්ම විදගත්තේය.
ලෝ පතල ටිංටිං චිත්‍ර කථාවේ කතුවරයා නීල් ආම්ස්ට්‍රෝංග්ට සුභ පතා තිබුනේ ඔය ආකායටය.
