නායකයෙකු යනු පිරිසක් මෙහෙය වන්නා වූ අයෙක් ය. සෑම අයෙකුම දන්නා පරිදි ලිබියා නායක මුහම්මර් ගඩාෆි මහ පාරේ බල්ලෙක් මෙන් මරාදමා අවසන්ය. ලොව කිසිම කටක් ඔහු වෙනුවෙන් විවර වුයේ නැත.
ගඩාෆි ලිබියාව වසර 40 යකටත් වඩා එරට පාලනය කලේය. ඔහු රාජ්‍ය බල අල්ලා ගනු ලබූයේ කිසිම ලේ වගුරුමකින් තොරවය. ඔහු බලය අල්ලා ගනු ලබන විට ලිබියාව යන්තමින් එලිය බලන්නට තැත්කරනා කාලයක පසුවිය. අඩුම තරමේ ඒරටේ මිනිසුන්ගෙන් බොහෝ පිරිසකට නිසි නිවසක්වත් නැතිවිය. එවකට ලිබියාවේ සාක්ෂරතාවය 25% ක් තරම් අඩු අගයක් විය. නමුත් අද වනවිට ලිබියාවේ 25% ක් දෙනාම උපාධි දාරීන්ය. තත්වය මේසෙනම් ගඩාෆි එරට දියුනු නොකෙරූ නායකයෙකු බව නියන්නේ කෙසේද?
ගඩාෆි සදාම් හුසෙන් මෙන් මිනිසුන් බුරුතු පිටින් වදදී නොමැරූ නායක්යෙක් විය. ඔහු රාජ්‍ය පාලනය අල්ලා ගනු ලැබූවේ කිසිම ලේ වැගිරීමක් නොකරය. නමුත් ඔහුව මරා දැමූවේ මහපාරේ යන බල්ලෙකු මරනවා සේය. එම රටේ රට්‍ටුන්ගේ හැදියාව එමගින් මනාව පැහැදිලිවනවාය. ගඩාෆි හොද මිනිසෙකු නොවනවා විය හැකිය. නමුත් ඔහු රාජ්්‍ය නායකයෙක් විය. ඒ නිසාම ඔහුගේ මරනය ඔහුට උචිත නැත.
ඇමරිකාව ඇතුලු බටහිර රටවල් සිය අදිරාජ්‍ය පතුරුවාලීම අරභා අවසන්ය. තවමත් චීනය සහ රුසියාව නිහඩය. ලෝකය දැන් අවිනිශ්චිත තත්වයක පවතින්නේය. ඇමරිකන් කාරය අපරටටද රබර් ඇස දමන්නා වූ දිනය වැඩි ඈතක නොවනු ඇත. අපිද පරිස්සම් විය යුතුය. ගඩාෆි ලොව කිසිම රටකට ණය නැති ලිබියාවක් බිහිකලේය. ඒ නිසා ඇමරිකාවට තම හිතුමතේට ඒ රට පාලනය කල නොහැකි විය. අපිනම් සතර අතේ ණයය. ඒ නිසා අපිට සිදුවන්නේ වැල යන පැත්තට මැස්ස බැදීමටය.
මුහම්මර් ගඩාෆි හොද වූවත් නැතත්, රටක නායකයෙකු, ඇමරිකන් හා බටහිර විරෝධියෙකු, ලෙස සිතා ඔහුට නිවන්සුව.
