Thursday, August 16, 2012

ගාන්ධිගේ සෙරෙප්පු ජෝඩුව

 

40110609

අපි හැමෝම මහත්මා ගාන්ධි ගැන අසා තිබෙනවා. ඔහු ඉතා දක්ෂලෙස ඉංදියානු ජාතියම නිදහස් සටන වෙත යොමු කරවූ ආකාරය ඉතා ආකර්ෂණීයයි. ඒ විතරක් නෙවේ ගාන්ධි තුමාගේ අදහස් ඉතා අගනේයයි. හැමෝම දන්නා විදිහට ඔහු අවිහිංසා වාදයේ පියායි. මේ කථාව සිදුවූ කාලය ගැන නිශිචිත අදහසක් නැති වුවත් මේය ඉංදියාව යටත් විජිතයක් ලෙස පසු වූ කාලයේ සිදුවූවක්.

දිනක් මහත්මා ගාන්ධි දුම්-රියෙන් ගමනක් යමින් සිටියා. ඔහුගේ ආසනය ඉදිරියෙ වාඩිවී සිටියේ තරුණ් ඉංග්‍රීසි ජාතික මහතුන් දෙපලක්. ඔවුන් ඇත්තටම දැනගෙන හිටියේ නෑ මේ රෙද්දක් ඇගපටලවා ගත් මනුස්සයා කවුරුන්ද කියල. හැබැයි මේ ආසියානුවා ඔවුන්ගේ දුම්-රිය මැදිරියේ ගමන් කරනවාටනම් ඔවුන්ගේ හිත්තුල වැඩි කැමැත්තක් තිබුනේ නෑ. දුම්-රිය ගමන් ආරම්භ කරල ටික මොහතකින් මහත්මා ගාන්ධි තුමාට නින්ද ගියා. මේවේලාවේ අර තරුණ ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනා එකතුවෙලා මහත්මා ගාන්ධි තුමාගේ සෙරෙප්පු යුගලය ජනේලයෙන් එලියට විසිකර දැම්මා.
ඔහොම ටික වෙලාවක් ගිහින් ගාන්ධි තුමා ඇහැරිලා බලද්දි සෙරෙප්පු ජෝඩුව නෑ (M). ටික වෙලාවක් එහෙ මෙහෙ බලල අන්තිමට අර තරුණ ඉංග්‍රීසි ජාතිකයො දෙන්නගෙන් ඇහුව "මගේ සෙරෙප්පු ජෝඩුව දැන් මෙතන තිබුන ඒදෙක ඔය දෙන්න දැක්කද"  කියල. අරදෙන්න හිනාවෙලා එහෙම කියනව "ආආ  ඒ දෙක ඔය ජනේලෙන් බැහැල යන්න ගියා" කියල.

දැන් ඉතින් මොකාට කියන්නද? ගාන්ධි තුමාත් හා කමක් නෑ කියල පාඩුවේ පත්තරයක් බලන්න පටන් ගත්ත. දැන් අර මිනිස්සු දෙන්නට ටිකක් තරහයි. ඇයි සෙරෙප්පු දෙක විසිකලා කියල මේ මනුස්සයට ගානක්වත් නෑනේ. ඔන්න ඔහොම යද්දි ටිකකින් මේ දෙන්නත් නිදා ගත්ත. ඔය අතරේ ගාන්ධි දකිනව  මේ දෙන්නගෙ කෝට් දෙක ආසනේ ගාව එල්ලල තියනව. ගන්ධි ඒදෙක ජනේලයෙන් එලියට විසික් කරල සුපුරුදු විදිහට පත්තරේ කියවන්න පටන් ගන්නව.

ටිකකින් ඔන්න මේ තරුණ ඉංග්‍රීසි ජාතිකයො දෙන්න ඇහැරිලා බලද්දි කෝට් දෙක නෑ. පේන හරියෙන් මනුස්සයෙකුට කියලඉන්නෙ මේ වැරහැල්ලක් ඇදගත්තු මනුස්සය විතරක් නිසා, මේදෙන්න ගාන්ධිගෙන් අහනව "කෝ අපේ කෝට් දෙක?". එතකොට ගාන්ධි ඇගට පතට නොදැනී උත්තර දෙනව "ආආ කෝට් දෙකද? ඒ දෙක ගියා මගේ සෙරෙප්පු දෙක එක්කන් එන්න" කියල.

මේ කතාවේ තියන හාත්ස්‍ය උපදවන ගතියට වඩා බොහෝ වැදගත් වෙන්නේ මේ කතාවේ තියන සැගවුණු අරුතයි. ඒ අදහස තේරුම් ගැනීම නොගැනීම කියවන්නාගේ කැමැත්තයි.

ටිංටිංගේ සුභ පැතුම


images
ටිංටිං කිව්වම අපි හැමෝම මේ හාදයව දුරනවනේ. මේ කියන කථාවත් ටිංටිං මුල් කරගෙන තමයි. ඔන්න එහෙනම් මේකයි කථා වස්තුව.
PD*29966910
නීල් ආම්ස්ට්‍රෝංග් කියන්නෙ මුලින්ම හදට ගොඩ බැහැපු පුද්ගලයනෙ. ඔන්න නීල් මහත්තය හඳ ගමන ඉවර කරල ගෙදර ආවලු ටික කාලයක් විවේකීව ඉන්න. මේ මහත්තට ලෝකයේ නන් දෙසින් ඔය කාලෙ ලියුම් එනවලු සුභ පතල, ආදරේ ප්‍රකාශ කරල, ආශිර්වාද කරල ඔන්න ඔය වගේ සීන් ගොඩයිලු. ඔන්න මේයා ලියුම් බල බල ඉද්දි ඒ ලියුම් ගොඩේ තිබුනලු පෝස්ට් කාර්ඩ් ඒකක්, එහෙමත් නැත්නම් තැපැල් පතක්. මේක ටිකක් විශේෂයි වගේ කියල හිතුන නිසා මෙයා මේක අතට අරගෙන බැලුවලු. ලියුම එවල තියෙන්නෙ ටිංටිං ලු. මාර කේස් එක නේද?
තැපැල් පතේ තියනවලු මෙන්න මේ විදිහට
"නීල් ආම්ස්ට්‍රෝංග් මහත්මයා වෙත,
ඔබ පරාදයි. ඇත්තටම ඔබට කලින් සඳ මතට පාතැබුවේ මමයි. කොහොම වුනත් ඔබට මගේ සුබ පැතුම්..!!
-ටිංටිං –"
tintin
ඇපලෝ 11හේ හඳට ගිය නීල් මහත්තය 1969 ජූලි 21 වෙනිද හඳට පා තැබූ පලමු ලෝකවාසියා වුනා. ඒත් ජොර්ජ් ප්‍රොස්පර් රේමි නැත්නම් හර්ජ් ටිංටිං ව හඳට යවා තිබෙන්නෙ 1953 දිය. ඇත්තටම බැලුවොත් නීල් ආම්ස්ට්‍රෝංග් පරාදය. ඔහුට කලින් හඳට ගොඩබැස්සේ ටිංටිංය. හර්ජ් ටිංටිංව හඳට යැව්වේ "Explorers on the Moon"  නැමැති ටිංටිං කථාමාලාවේ කෘතියෙන් 1953 දීය. හර්ජ් එහිදී සඳ පිලිබදව දක්වා තිබූ අදහස් බොහෝමයක් ඇත්තය. ඒවා පසුව සැබැවින්ම සඳට ගොඩබට නීල් ආම්ස්ට්‍රෝංග් සැබැවින්ම විදගත්තේය.
images (1)
ලෝ පතල ටිංටිං චිත්‍ර කථාවේ කතුවරයා නීල් ආම්ස්ට්‍රෝංග්ට සුභ පතා තිබුනේ ඔය ආකායටය.