Wednesday, July 28, 2010

අනුන්ට shopping කිරීම නොහොත් කඩේ යාම



නිදහස් අධ්‍යාපන ලබා ඉන් ලැබෙන්නා වූ යහපත නිසියාකාරයෙන් ලබා ගැනීමට අපොහොසත් වන පව්කාරයින් කීප දෙනෙකි. මේ වකවානුවේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ රුහුණු සරසවියේ සිසුවෙකු මියයෑමේ සිද්ධියයි. සැබැවින්ම තරමක් කතා බහට ලක්විය යුතු කාරනාවකි. පලමු වසරේ සිට විශ්වවිද්‍යාලය තෙක් පැමිනෙණ සිසුවාට රජය කොතරම් ධනයක් වියදම් කර තිබෙනවාද? පොත පතට ඇදුමට කෑමට ආදී මෙකී නොකී බොහෝ දෙයකට වියදම දරනු ලබයි. ඒ රටේ පැහැදිලි අනාගතයක් උදෙසා මේ සිසුවා යොදවා ගැනීමටයි.


Friday, July 23, 2010

I am සිරිමල් from Sri ලංකා


මේක මම අහපු කථාවක්. මගේ නිර්මාණයක් නම් නෙමේ. අපේ ජාතිය පහත් කොට සැලකීමකුත් නෙමේ. මෙන්න මේකයි සිද්ධිය.... එක්තරා දවසක අපේ රටේ ජාතිකයෙකු නැතිනම් ශ්‍රි ලාංකිකයෙකු පිටරටක් බලායන්න ගුවන්යානයකට ගොඩ වෙනව. කොහොමින් කොහොමින් හරි ගුවන්යාන ය ගුවන්ගත වෙනව. මේ අපේ කථා නායකයාට එහා පැත්තෙන් වාඩිවී යන්නේ එංගලන්ත ජාතිකයෙක්. ටිකක් දුර ඔහොම යද්දි මේ එංගලන්ත ජාතිකයාට කිවිසුමක් නැත්නම් හචිමක් යනව.

එවිට ඔහු මේ අපේ ශ්‍රී ලාංකිකයා දිහාවට හැරී මද සිනාවකුත් සමග කියනව....

"Sir i am suffering from Influenza...."

එතකොට අපේ ශ්‍රී ලාංකිකයා නැත්නම් අපේ කථා නායකයා මේ එංගලන්ත ජාතිකයා දිහාවට හැරිල මද සිනාවක් සමග මෙහෙම ප්‍රතිචාර දක්වනව....

" I am Sirimal from ශ්‍රි ලංකා...."

Friday, July 16, 2010

සාහිත්‍යමය ඇසකින් කියවා බලන්න....

මේ කවි පෙල කියවා බලන්න. රාවය පත්‍රයක පලවී තිබුණු මෙය එක්තරා වූ ශෛලියක එලි දැක්වීමකි. වල් කමකින් තොරව සාහිත්‍යමය ඇසකින් කියවා බලන්න. බැලූ බැල්මට මෙහි ඇති සාහිත්‍යයක්නම් නොමැත. නමුත් මට හැගෙන පරිදි අප සමාජයේ ගැබුරු පැතිකඩක් මින් විදහා දක්වයි. වැදගත් වන්නේ එම පැතිකඩ නිරීක්ෂණය කිරීමයි.



නැගණියට මංගල දැන්වීමක්


ඈ උපන්නේ හැත්තෑ හතේදීය
උතුමාණන් මේක සිංගප්පූරැවක්‍ කොරාපු දාය


ඈ වැඩිවිය පත්වූණේ අසූ නමේදීය
වි‍ජේවීර ඇල්ලූ පුවත ටී. වී එකේ යද්දී
අම්මා මට ඒ ආරංචිය ඇවිත් කීවාය
ඔහුගේ සිරැරින් ලේ ගැලූ නිමේෂයේම
මල්වර රැධි‍රය ඇගේ කලවා තෙත් කළේය

ඈ භද්‍ර යෞවනයට පිය නැඟූ මල්වර නැකත
ඔහුගේ මරැ නැකත විය

දැන් දෙදාස් තුනය
ඈට දැන් අවුරැදු විසි හයකි

ඇගේ දෙපා ඩිජිටල්ය
ස්කෑන් කර බැලුවත්
වැලි කැටයක පලුද්දක් නැත
ඇගේ දෙතන බෙත්ම සිලිකන්ය

මිනි ටී එකෙන් ඈත් මෑත් වන
නැබතුර ඩීවීඩී කොලිටිය
ඈ දෑත් හයි රිසලුෂන්ය
මයි‍ක්‍රොමිනිය තුළ තෙරපෙන නිතඹ මල්ටි මීඩියාය

ඇගේ වත නම් වී.එම්. එස් ය
ඇගේ කට හඬ එෆ්. එම් ය
ඔලුව වෑල් ය
හදවත ට්‍රැකින් වේ
(හැදුවට වැඩක්ම නැත)
ඇගේ ආත්මයේ ෆන් ගස් බැඳී ඇත
ඉපනැල්ලක්වත් නැති ඈ කිහිලි
ඩි‍ඔචරන්ට් ගඳය
ඇගේ පෑන්ටිය C.K ය
එහෙත්
අම්මා පල්ල ඇතුළ ජාතික චින්තනය

ඈ මගේ නංගීය
මා ඈ ගැන බැලිය යුතුමය
ඉතින් ඇනලොග් නාකියෙක් හෝ
ඩිජිටල් මෝඩයෙක් සොයමි
ඩිජිටල් නම් සුළු ආබාධයක් තිබුණද කම් නැත
ඇනලොග් නම් දික්කසාද

දරැවන් නැති අය ඉල්ලන්න

- කේ කේ සමන් කුමාර