Friday, April 30, 2010

උන්මාදයක්

සාමාන් පෙල ඉවර වෙලා දැන් හුගක් කල්. ප්රතිපලද නිකුත් වී අවසානයි. මීලගත ඇත්තේ උසස් පෙල සදහා විශයන් තෝරා ගැනීමේ තරගයයි. මේ සදහා උදව් උපකාර කිරීමට බොහෝ පිරිසක් මේ දින වල පෙල ගැසී සිටී. බැලූ බැල්මට උන්මාදයකි.. නැතහොත් පිස්සුවකි.

ටියුශන්, ටියුශන් මාස්ටර්ලා බොහෝ පිරිසක් සදහා පෙල ගැසී සිටී. මේ බොහෝමයක් දෙනා ලංකාවේ හොදම ප්රතිඵල ලාබාදුන්න උන් වේ. වැඩිම පිරිසකට සම්මන ගෙනදුන්නවුන් වේ. (පිස්සු හැදෙන සද කිව්වලු...)

ළමයා පාසල් යන්නේ නැත. වෙනුවට ටියුශන් යයි. ටියුශන් ගුරුතුමා ළමයා පිළිගැනීමට සැදී පැහැදී සිටී.

ශ්රී ලංකාව ආසියවේ චීනය හැරුනුවිට නිදහස් අධ්යාපනය ලබාදෙන එකම රටයි. දකුණු ආසියාවේ නිදහස් අධ්යාපනය ලබාදෙන එකම රටයි. රජය මේ සදහා විශාල මුදලක් වැයකරයි. රටේ අනාගතය සරුකරලීමට එසේ වියදම දරනු ලබයි. මහජනතාවගේ බදු මුදලින්,දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් මුදලින් මෙසේ අධ්යාපනය සදහා වියදම් කරනු ලබයි. නමුත් එම වියදම් ආකාරයෙන්ම සිදු වද්දී ළමයා නොහොත් අනාගතයේ අපේක්ශාව ටියුශන් ගුහාවට බඩ ගානු ලබයි.

මුලදී අ.පො.ස. උසස්පෙල සදහා පමණක් මද වශයෙන් දක්නට ලැබුනු මෙම උන්මාදය ක්‍රමයෙන් සාමාන්‍ය පෙල සදහාද ව්‍යාප්ත වී පවතී. කෙසේ වෙතත් සාමාන්‍ය පෙල කාලයට වඩා ටියුශන් සදහා වැඩි පෙලබ වීමක් උසස් පෙල කාලයේදී දක්නට ලැබේ. ටියුශන් නොගියොත් විභාගේ පාස් වෙන්න බෑ යනුවෙන් මතයක් සමාජය තුල ගොඩ නැංවීමට ටියුශන් ගුරුවරයා සමත් වී හමාරය.

වර්ථමාන ලෝකය තරගකාරීය. සෑම දෙයක්ම පහේ මුදල හා ලබැදිය. ටියුශන්ද පාසලද තෝරා ගැනීමට අවස්ථාව එලබී ඇත. වානිජ කරනය වූ සිසුවෙක්ට වඩා ගුණ දම් නොමැති සමාජයකට වඩා සාමකාමී පරාර්ථ කාමී සමාජය කෙතරම් වටිනේද. අනාගතය සුන්දර කිරීමට ගුණ යහපත් සමාජයක් බිහි කිරීමට පාසල තෝරා ගත යුතුයැයි මාගේ මතයයි.

ටියුශන් අනවශ්‍ය දෙයක් නොවන්නේය. නමුත් ඕනෑවට වඩා අවශ්‍ය නොවන්නේය........

Sunday, April 18, 2010

ගමේ සහ නගරය අතර වෙනස....

විශ්වවිද්‍යාල ආරම්භ වෙන්න වැඩිකාලයක් තව නෑ. මේ ගැන මට කත කරන්න හිතුනෙ ගොඩක් විශ්වවිද්‍යාලෙ ගිය අයියල අක්කකල කියන කතා අහල.

සමහරු කියන විදිහට ඇතැම් තැන් වල ගමේ ගැන්සිය සහ නගරේ ගැන්සිය ලෙස කොටස් දෙකකි.බොහෝවිට නගරේ ගැන්සියට අයිතිවෙන්නෙ කොලඹ ප්‍රදාන පාසල්වලට ගිය කණ්ඩායමයි. ඉතිරි පිරිසෙන් සමහරක් ගමේ ගැන්සිය වේ. ගමේ ගැන්සිය විසින් නගරේ ලෙස වෙන් නොකර පිරිස කිසිම දෙයකට යටත් නොවන ස්වාධීනයන් වේ. අපේ භාෂාවෙන් කිවතොත් ස්‍රඩ්ඩන්වේ.සාමාන්‍යන් කොලඹ පිරිස ඉතා අල්පවේ. ගමේ ගැන්සිය තරමක් විශාල වේ. ගමේ ගැන්සියේ පිරිස ප්‍රගතිශීලී අදහස් ඇත්තවුන්වේ. නගර කණ්ඩායමේ පිරිස ඔලුවෙන් සිටින්නෝ යැයි ගමේ පිරිස සිතති.

මේ තත්වය විශ්වවිද්‍යාල තුල පමණක් නොව වෙනත් උසස් අධ්‍යාපන ආයතනයන් තුලද දක්නට ලැබේ.
මේ තත්වය පිලිබදව සලකා බලමු. ඇත්තටම මොකද්දමේ ගමේ සහ නගරේ සීන් එක. කොලඹට කිරි අපිට කැකිරි කියල පරණ කියමනක් පවතී. ඒ අදහස ඇතැම් විට මේ සිසුන් තුලද පවතිනු ලබයි. රැග් එකට හේතුව වන්නේද මෙයමය. ඔවුනට අනුව කොලඹ කොල්ලා සහ කෙල්ල සැපට අධ්‍යාපනය ලබයි. නමුත් ගමේ කොල්ලා සහ කෙල්ල දහදුක් විද මේ ස්ථානයට පැමිණේ. සමාන ප්‍රශ්න පත්‍රයකට අසමාන ලෙස ලැබීම් ඇති අය එකම අවස්තාවක පිළිතුරු ලියයි.

මේ අයුරින් ගමේ අය දක්වන අදහස් ලිවීමට අවශයනොවේ. ඒවා ඒ තරමටම ප්‍රචලිතය.මෙසේ තත්වයන් දෙකක් ඇතිවීමට හේතුව කුමක්ද. මේ ගැටළුවට මුහුන දෙන්නෙකු ලෙස මට විවිධ අදහස් ඇත. මටනම් හැගෙන ලෙස පැහැදිලිවම ඊර්ශාවකි. ඇතැම් විට කොලඹ ප්‍රසිද්ධ පාසලක අකුරු ඉගෙනීම පාපයක් ලෙස හැගීයයි. ගැටළුව තව තවත් සංකීර්ණ වන්නේ ගැටුම් ඇතිවීම නිසාය.

මෙසේ කාණ්ඩ දෙකක් ඇතිවීමට හේතුවන කාරණා මොනවා විය හැකිද..???